ආදරයේ මිහිර රැඳී - Aadaraye Mihira - Milton Mallawaarachchi

ආදරයේ මිහිර රැඳී

වියෝගයේ සුසුම් මැකී

සෙනේහයේ සුවය රැඳී

මහද පැසේ පැතුම් පිරී ..//


අතීතයේ බොරළු තලා

පිනට ඔබේ සැඟවීලා

තුෂාරයේ සිහිල වෙළා

දිය දහරා මතු වීලා


ආදරයේ ...


සදාදරේ අමා සරේ 

හැඬ වු ළඳේ මහද වෙණේ

ජීවිතයේ සොඳුරු සුවේ

ඔබේ සිනා රැල්ල ගෙනේ


ආදරයේ ...


ගේය පද: කේ. ඩී. කේ. ධර්මවර්ධන

සංගීතය: වික්ටර් රත්නායක

ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

විශේෂ: මිල්ටන් ගේ ආරාධනයෙන් කේ ඩි කේ ලියූ ඔහුගේ පළමු ගීතය 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera