Posts

Showing posts from February, 2022

දිනෙක මතු දා - Dineka Mathu Da - Abeywardana Balasuriya

දිනෙක මතු දා දෛවයෝගෙන්  ඔබව හමුවේ නම් සිතැඟි ඉවසා වේදනා දුන්  ආදරේ මා පවසන්නම්..// බැඳි ආදරේ සඟවා හිතේ  නොකියා මෙමා උන්නා ඔබ දන්නෙ නෑ  මා කීවේ නෑ   හඬනා හැඟුම් පෙන්නා ළයේ ආදරෙන් අමතා දිනෙක මතු දා... ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්  හෙට හෝ ඔබත් යාවී තනිවූ මගේ පෙම් චේතනා  මට රෑ රිදුම් දේවී හදේ පසුතැවී අඳුරේ දිනෙක මතු දා... ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ  සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක  ගායනය: අබේවර්ධන බාලසූරිය https://songbox.com/songbox/n6X31f1C0YSYeQV6b6T981RjdEGZia95JSPufbAYVuQCWSIg3y 

නීල කොබෝ නිල - Neela Kobo Nila - Vijaya Kumaranathunga

නීල  කොබෝ නිල පෑව ඔබේ  දිගු නීල නුවන් එළියෙන්  සෝක සුසුම් මැද පාළු වෙලා ගිය  ඈත අතීතෙට පාර කියන්  සාද තෙපුල් මුදු කෝල සිනා  දෑස නුරා අනුරාගී කතා  ඈත දුරින් ඇසුනාට සිතක් නැත  පාළු වෙලා සිත පාළු වෙලා  නීල  කොබෝ ... දෑත බැඳී ගුරු පාර ගෙවා  කීව කතා පෙර සේම කියා  සිහින ලෙසින් දුටුවාට පලක් නැත  පාළු වෙලා සිත පාළු වෙලා  නීල  කොබෝ ...// ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී  ගායනය: විජය කුමාරණතුංග  සංගීතය: රෝහණ වීරසිංහ 

නෙත නොපියා - Netha Nopiya - Milton Mallawaarachchi

නෙත නොපියා වත නොසලා ඈත අහසේ තාරුකා නැඟේ  ඈත අහසේ තාරුකා නැඟේ  රැය නොගෙවා ළත වෙනවා දෑස ඈගේ මා නිසා පෙඟේ  දෑස ඈගේ මා නිසා පෙඟේ  දෑතෙ ඇඳී රේඛා වැනී කිසිදා මැකී යා නොදී ..// පෑ ඔබේ දයා ආදරේ  ලියැවී තිබේ මා හදේ ලියැවී තිබේ මා හදේ නෙත නොපියා වත නොසලා ඈත අහසේ තාරුකා නැඟේ  ඈත අහසේ තාරුකා නැඟේ  පෑවූ සඳ ඔබ නම් ළඳේ මාගේ සිතුම් එහි ඇඳේ ..// ඒ ඔබේ අමා ගී පොතේ ගීයක් වුණා ජීවිතේ ගීයක් වුණා ජීවිතේ නෙත නොපියා ... ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: එඩ්ගා පෙරේරා ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

වහින්නට හැකිනම් - Wahinnata Hakinam - Nanda Malini

වහින්නට හැකිනම් ගිගුම් දී  වියලි ගම් බිම්වලට ඉහළින්  ඉදෙන්නට හැකිනම් බතක් වී  බතක් නොඉදෙන පැළක රහසින්  රැදෙන්නට හැකිනම් ළමා කැළ  හඬන දෙතොළඟ සිනාවක් වී  පිපෙන්නට හැකිනම් තුරින් තුර  නෙළා ගතහැකි වන මලක් වී වහින්නට හැකිනම් ගිගුම් දී  වියලි ගම් බිම්වලට ඉහළින්  ඉදෙන්නට හැකිනම් බතක් වී  බතක් නොඉදෙන පැළක රහසින්    නිදන්නට හැකිනම් දෙනෙත් තුළ  සැබෑවන සුබ සිහිනයක් වී  ගැයෙන්නට හැකිනම් දොරින් දොර  ලොවම පුබුදන ගීතයක් වී  වහින්නට හැකිනම් ගිගුම් දී  වියලි ගම් බිම්වලට ඉහළින්  ඉදෙන්නට හැකිනම් බතක් වී  බතක් නොඉදෙන පැළක රහසින්  ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න  ගායනය විශාරද නන්දා මාලිනී  සංගීතය : සුනිල් දයානන්ද කෝනාර 

සන්තාප මාවතේ - Santhapa Mawathe - Sunil Edirisinghe

සන්තාප මාවතේ  සංවේදනා මැදුරේ  සංවේගයෙන් දන්වා සිටිම්  වෙන්වීම මා ඇගෙන්  තරුවක් ලෙසින් වැළපී හඬා රැයේ  දැරියක් හිඳී තනිවී දෙමංතලේ  නොසැළී රැදී කඳුලක් ඇගේ නෙතේ  හඬගා කියයි නටඹුන් අතීතයේ සන්තාප මාවතේ  සංවේදනා මැදුරේ  සංවේගයෙන් දන්වා සිටිම්  වෙන්වීම මා ඇගෙන්   හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ  සිහිලැල් සිඳී හදවිල් තලේ මගේ  සඳ තාරකා අඳුරේ ගිලී ගියේ  ඇය මා සෙවූ සෙනෙහේ නිමාව යේ සන්තාප මාවතේ  සංවේදනා මැදුරේ  සංවේගයෙන් දන්වා සිටිම්  වෙන්වීම මා ඇගෙන්    ගී පද ; කුමාරදාස සපුතන්ත්‍රී  ගායනය: සුනිල් එදිරිසිංහ  සංගීතය : රෝහණ වීරසිංහ 

කුරුටු ගෑ ගී - Kurutu Gae Gee - Nanda Malini

කුරුටු ගෑ ගී පොතේ  කුරුටු ගී කෑ ගසා  ගිලන් හද පාරවා  ගෙනේ වධ වේදනා  කුරුටු ගෑ ගී පොතේ  ඔබෙන් පෙරදා  උගෙන කවිකම්  ලියූ කවි ගීතිකා  ඔබේ නාමෙන්  හැඬු කඳුලෙන්  ගයමි මම කිවිඳුනේ මියුරු කවිවැල්  කුරිරු ස්වරයෙන්   ඇසේ රෑ යාමයේ  නොලැබ කිවිඳුන්  කුමට කවිකම්  කිවිඳ මට කවි ලොවේ  ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න  ගායනය: විශාරද නන්දා මාලිනී  සංගීතය:  ස්ටැන්ලි පීරිස් 

වළා තීරයෙන් - Wala Theerayen - T M Jayarathna

වළා තීරයෙන් එහා  කොහේද ලෝකයක්  සොයා ඇදෙන්  පැතුම් බිඟුන්  අපේම ලෝකයක්  අපේම ලෝකයක් ...// තරංගයක් ලෙසින් නදී  බිඳී නොයන් සිතින්  වසන්තයක් ලෙසින් උදාව  එන්න ජිවිතෙන්  සිහිල් සහන් සුසුම් සරින්  පවන් රොදක් ලෙසින්  නැවුම් පැතුම් අරන් වඩින්න  පෙම් උයන් දොරින්  ගී පද: කුලරත්න ආරියවංශ   ගායනය: ටී එම් ජයරත්න   සංගීතය: රෝහණ වීරසිංහ 

මාළිගාවේ මා රැජිනි - Maligawe Ma Rejini - Sujatha Attanayake

මාළිගාවේ මා රැජිනි  මූද යහන වේ  නෑ නෑ දොරගුළු මුරකාවල් මේ ගේ   මිහිරි සැප මැවේ  මාළිගාවේ මා රැජිනි ..// ආ....ආ..ආ...ආ.. ආ....ආ..ආ...ආ. . ඈත මෑත සිතල සුළගයි  අහසේ නිල් වළා පාවෙයි  චන්ද්‍රරාණි කාන්ති බැබළෙයි  රන්තරූ රඟයි ..// මාළිගාවේ මා රැජිනි  මූද යහන වේ  නෑ නෑ දොරගුළු මුරකාවල් මේ ගේ   මිහිරි සැප මැවේ  මාළිගාවේ මා රැජිනි  ආ....ආ..ආ...ආ.. ආ....ආ..ආ...ආ. ඝෝර චණ්ඩ මිනිසුන් ඇසුරේ වේ ය අවහිරේ  මා තනිවම මේ කරදියරේ  මවමි සුරපුරේ  රන්විමනේ මේ ඔරුවේ  සොම්නසේ සුවේ රන්විමනේ මේ ඔරුවේ  සොම්නසේ සුවේ සෑම කල්ම හිඳිමි සුවසේ  සෝක දුක් නොවේ  මාළිගාවේ මා රැජිනි  මූද යහන වේ  නෑ නෑ දොරගුළු මුරකාවල් මේ ගේ   මිහිරි සැප මැවේ  ආ....ආ..ආ...ආ.. ආ....ආ..ආ...ආ. සාමදනේ සම්පත විදිමී  මල් පිපෙයි හිසේ  ලෝකයේ පීඩාවන් දුරුවේ තේරුණා රසේ  මුදූ වැල්ලේ රැල්ල පෙරලී  ගී ගයා වැලේ  මුදූ වැල්ලේ රැල්ල පෙරලී  ගී ගයා වැලේ  මාගේ සිහින මෝර මෝරා  ඒවි සීතලේ  මාළිගාවේ මා රැජිනි  මූද යහන වේ  නෑ නෑ දොරගුළු මුරකාවල් මේ ගේ   මිහිරි සැප මැවේ  මාළිගාවේ මා රැජිනි  ආ....ආ..ආ...ආ.. ආ....ආ..ආ...ආ. ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක  පද රචනය - කරුණාරත්

නීල වර්ණ - Neela Warna - Indrani Bogoda

නීල වර්ණ නීල කොබෙයියෝ   මං ආදර  නීල වර්ණ නීල කොබෙයියෝ  සිත වටකර පියා සලන  සිතට සුවඳ පවන් සලන  නීල වර්ණ නීල කොබෙයියෝ මං ආදර  නීල වර්ණ නීල කොබෙයියෝ උඩින් ගියත් බිමින් ගියත්  මගේ හිතෙන් ඉගිළ නොයන්නේ  අදුර බිඳින සොඳුරු සිහින  කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ   නීල වර්ණ නීල කොබෙයියෝ  මං ආදර  නීල වර්ණ නීල කොබෙයියෝ එරන් මාල එරන් තෝඩු  එරන් වළලු නැතේ පතන්නේ  අමාව සේ නිමා නොවන  සිනා බිඳක් රැගෙන වරෙන්නේ  ගී පද: ජී එච් කේ රත්නසිරි   ගායනය: ඉන්ද්‍රාණි බෝගොඩ  සංගීතය: චන්ද්‍රදාස බෝගොඩ

ලොව නිසසල වී - Lowa Nisasala Wee - Niranjala Sarojini

ලොව නිසසල වී නවතින මොහොතේ  යටි සිත් මතුකොට සිනහ සලා  ලොව දොඩමලු වී නෙත් මානන කළ  අප දෙදෙනා ඉමු තරහ වෙලා  තුඩින් තුඩට ගොස් අප ගැන  තොරතුරු බොද වී යයි ආදරයක ලස්සන  දෙසිතෙහි හිරවී ඇති තුරු පමණයි  අප දෙදෙනාගේ කතාව ලස්සන අනුන් සිටින විට විමසිලි දෑසින්  නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන  සිතින් දෙදෙන එක තැන ඉන්නා බව  දෙතොල් තෙරපලා ගොළුකර ගනු මැන  ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්  ගායනය: නිරංජලා සරෝජිනී  සංගීතය: වික්ටර් රත්නායක