Posts

Showing posts from August, 2021

ඔබ නැතුව - Oba Nathuwa - Victor Rathnayake

  ඔබ නැතුව ඉන්න බැරි තරමට  ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට  ඔබ නොදැක ඉන්න බැරි තරමට  නෙත ඔබව සොයනවා දවසෙම // මේ සීතල හිම ගිරි අරණේ  මට හමුවූ වන පස කුසුමේ  // පෙති මත සතපා  රැගෙන යන්න මා  කුසුම් නිම්නයේ මාලතියේ   ඔබ නැතුව මේ ජීවන අව පස අහසේ  ඔබ පුර පස සඳ වී පිපුනේ  // ඔබේ රැසින් මා  දවාලන්න රෑ  ලය මත සනහා රාජිනියේ ඔබ නැතුව ගී පද: සුජීව ප්‍රසන්න ආරච්චි  සංගීතය, ගායනය: වික්ටර් රත්නායක 

පෙර මඟ - Pera maga - Milton Mallawaarachchi

  පෙර මඟ කඳු හෙල් ඇතත් ළඳේ හද තුළ බියක් නැතේ මතුවන සමනළ පැතුම් හදේ නියතයි මුදුන් වෙතේ // මෙර නත දරණ වැලේ පටලා සිඳුමතනය කළ දා // ලද සිරිදුව ඔබවදෝ කියා විමසයි හිත හැමදා // පෙර මඟ .... පැල්පත සහනය ගෙනා ඔබේ රජ දහන වේ මගේ // හදවත කැළලක් නොවූ ඔබේ රජ වාසලයි මගේ // පෙර මඟ ... ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක  ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

දෙදෙනා පෙරදා - Dedena Perada - Mervin Perera

  දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා දිගු කාලයක් ගෙවී ගියේ එක මොහොතක් ලෙසින්නේ ළඳේ ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ අද මේ කියූ දේ ඊයේ වුණා නම් අද ඊයේ වේවී ළඳේ දෙදෙනා පෙරදා... ඔබ ආදරෙන් සිනාසුනත් අද අලුතින් උපන් මේ ලොවේ විස ගෑවුනත් මධු පානයක් ලෙස ඈ මා ළඟින් මිහිරියේ අසනු සමා වී ආයේ පමාවී කිසිදාක නොඑනූ ළඳේ දෙදෙනා පෙරදා... ගී පද: කේ ඩී කේ ධර්මවර්ධන  සංගීතය, ගායනය: මර්වින් පෙරේරා 

එක ලඩකි - Ek Ladaki - Kumar Saanu

ඕ...  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා, ජෙසේ  කිල්තා ගුලාබ ජෙසේ  ශායර්-ක ක්වාබ ජෙසේ  උජලි කිරන් ජෙසේ  බන් මේ(යි) හිර(න්) ජෙසේ  චාන්දනී රාත් ජෙසේ  නරමි කි බාත් ජෙසේ  මන්දිර් මේ හෝ(ත්) එක, ජල්තා දියා.... ඕ...  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා  ඕ...  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා, ජෙසේ  සුබු(හො) ක රූප ජෙසේ  සර්ධි කි ධූප ජෙසේ  වීණා කි තාන් ජෙසේ  රංගෝ(න්) කි ජාන් ජෙසේ  බලකා-යෙ(න්) බේල ජෙසේ  ලහෙරෝ-ක කේල ජෙසේ  කුෂුබු ලියේ ආයේ ඨන්දී හවා .... ඕ...  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා  ඕ...  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා, ජෙසේ  නාච ත මෝර  ජෙසේ  රේෂම් කි ධෝර ජෙසේ  පරියෝ ක රාග ජෙසේ  සන්දල් කි ආග ජෙසේ  සෝලා ශ්‍රින්-ගාර ජෙසේ  රස කි  පු(හ)ආර  ජෙසේ  ආහිස්ටා ආහිස්ටා බර්ථා නෂා .... ඕ...  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා  එක ලඩකි කෝ දේකා තෝ ඒසා ලගා ගී පද: ජාවඩ් අක්තාර්  සංගීතය: රාහුල් දෙව් බර්මන්  ගායනය: කුමාර් සානු  පරිවර්තනය: O… When I saw this girl, she seemed to me When I saw this girl, she seemed Like a blooming rose Like a poet's dream

පිය සටහන් - Piya Satahan - Gunadasa Kapuge

පිය සටහන්  මැකී නොමැත තව  මා ආ දිගු ගමනේ  මගේම පියවර මත පිය නගමින්  ඔබ එනු දුටුවෙමි මා ළුහු බඳිමින්  පිය සටහන් මැකී නොමැත තව ගිරි ශිකර මුදුන් වල  වන ලැහැබේ අතු අග  දෝංකාර දුන් එදා ගැයූ ගී, මා ඔබට ගැයූ ගී  ඇසේද තවමත් ඇලේ දොළේ ගලනා ගීයේ  පිය සටහන් මැකී නොමැත තව රළු බොරළු ගමන් මඟ  වැලි තලා වැනිය අද  හැරී බලමි මම ඔබේ ඇසින්, ඔබ නොදුටු ඇසින්  නොඒද මතුවට ඔබත් මමත් හමුවන දවසක්  පිය සටහන් මැකී නොමැත තව ගී පද: සුනිල් ආර්. ගමගේ   සංගීතය, ගායනය: ගුණදාස කපුගේ 

විකසිත පෙම් - Wikasitha Pem - Pandith W D Amaradewa

  විකසිත පෙම් පොකුරු පියුම්  ඔබේ පයට පොඩි වී ගියාදෙන්  පති කුලයට අද මට පිටු පා යන  මගේ සොඳුරු ළඳුනේ  මගේ සොඳුරු ළඳුනේ  විකසිත පෙම් සිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ  ඉහ ඉද්දර හිඳ ඉකිබිඳිනා සඳ    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ  ඔබට විරහ ගිනි නොගෙනේවා  ඔබට විරහ ගිනි නොගෙනේවා විකසිත පෙම්  තනිකම රජ යන පාලු විමානේ  ගොම්මන් කරුවර හඬා  වැටෙද්දී  ඔබ දිවි අරණේ රුවන් විජිතයේ  මැණික් පහන් වැට දැල්වේවා  මැණික් පහන් වැට දැල්වේවා  විකසිත පෙම්  ගී පද: අජන්තා රණසිංහ  සංගීතය: ප්‍රේමසිරි කේමදාස  ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව 

සඳළුතලේ Sandaluthale - Milton Mallawaarachchi

  සඳළුතලේ ඔබ සිටියා බලා ඈත තියා මම දුටුවා අසු පිට එන සඳ ඔබ දැක ගන්නට තවත් සඳක් දෝ මට සිතුණා   ඔබ මා සතු නම් වෙන සැප කුමටද මසිත සැලෙයී ඔබ දුටුව පැයේ පුලින තලාවක ඇඳිරි වෙලාවක සිතුවිලි කුටියේ සිහින රැයේ   රජ මැදුරක ඔබ සැතපෙන යහනක සුව පහසුව නැත මගෙ කුටියේ එනමුත් ඔබහට බැඳි මා සෙනෙහස දිවි ඇති තුරු මා හදෙහි තියේ   සඳළුතලේ ඔබ සිටියා බලා ඈත තියා මම දුටුවා අසු පිට එන සඳ ඔබ දැකගන්නට තවත් සඳක් දෝ මට සිතුණා  

කන්දෙන් ලන්දෙන් - Kanden Landen - W D Amaradewa

  කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ මා දං බෝවිටියා රස දන්නේ නින්දේ දුටු සිහිනය එලි වන්නේ සැන්දෑ කුමරිය ගඟට බසින්නේ පුරා උදුල ඇගෙ වත සොමි පුල්ලා සරා සදක් වේ සිත බැදි ලොල්ලා නුරා බසක් වී හද එලි දල්ලා පුරා බඳුන් මී සතුට ගෙනැල්ලා කන්දෙන් ලන්දෙන් නවම් මහේ මගෙ පැලට වඩින්නේ උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ දෑත සුරල් දී රබන් වයන්නේ ගීත සවන් මී බඳුන් පිරෙන්නේ කන්දෙන් ලන්දෙන් ගී පද: සුනිල් සරත් පෙරේරා සංගීතය, ගායනය: පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව