Posts

Showing posts from December, 2023

දකුණ නැගෙනහිර - Dakuna Nagenahira - Ivor Dennis

දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ එකම දැයක් වී මහ බලයක් වී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළවේ සුරු විරු කම් උපතින් හුරුවේ  දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස් මවමින් මුළු ලෝ කන්දට කෙන්දට කොන්දට හුරු වී වන් වන්  අත සුරු වී  විපත පවා සැපතට හරවාලා  පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළවේ සුරු විරු කම් උපතින් හුරුවේ  දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස් මවමින් මුළු ලෝ වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැඟ නැඟ යමු දියුණේ බාධා වලටද බාධා ගෙනදී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළවේ සුරු විරු කම් උපතින් හුරුවේ  දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස් මවමින් මුළු ලෝ වීර විකුම් පෑ ආදී මුතුන් ගිය  පාර අපේ උරුමේ  නෑර ඔවුන් මග සූර ලෙසින් වැද  පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළවේ සුරු විරු කම් උපතින් හුරුවේ  දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස් මවමින් මුළු ලෝ ගී පද : අරිසෙන් අහුබුදු  සංගීතය: සුනිල් ශාන්ත  ගායනය: අයිවෝ ඩෙනිස්