Posts

Showing posts from January, 2022

අනේ යාල් දේවී - ane yaal devi - Sunil Edirisinghe

අනේ යාල් දේවී  නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්  හිස පළඳනාවේ තිබුණා ලියලා  කන්කසන්තුරේ කියලා ..// අනේ යාල් දේවී  පොර කුකුලන් රඟනා දෙමන්සලේ  අපි ආගිය මං තොට වල් වැදිලා  කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ  මුතු පවුර ගිලී මුහුදටම ගිහින්  අනේ යාල් දේවී ../ කොට්ට කිලෙන්ගුයි තල් හකුරුයි  හරි මාත්තුවට ගෙන රස බලනා  නුඹේ සංගුව වදිනා තුරු ඉන්නේ  අපි හැබෑවටම නෑගම් එනකං  අනේ යාල් දේවී .. ගී පද: වසන්ත කුමාර කොබවක  සංගීතය: එච් එම් ජයවර්ධන  ගායනය: සුනිල් එදිරිසිංහ 

හිරු පිබිදෙන විට - Hiru Pibidena wita - Clarence Wijewardena

හිරු පිබිදෙන විට කඳු වැල් අතරින්  රැස් දහරක් වී ඔබ එන්නේ  නෙත් හරවා මම ඉවත බැලූ විට  මල් කැකුලක් වී හිනැහෙන්නේ   මාලිනියේ මාලිනියේ  මාලිනියේ මා ලාලනියේ  ඔබගෙන් වෙන්වී තනිවී ඉන්නට  ඇයි මාගේ සිත විමසන්නේ  එනමුත් එසේ මා තනිවූ මොහොතක  සිතුවිල්ලක් වී ඔබ එන්නේ  මාලිනියේ මාලිනියේ  මාලිනියේ මා ලාලනියේ   නිදි යහනේ මා දෙනෙත් වැසූ විට  සිහිනෙක දැවටී ඔබ එන්නේ  ගීයක පද මැද තනිවූ මොහොතක  තනුවක් වී සවනට එන්නේ  මාලිනියේ මාලිනියේ  මාලිනියේ මා ලාලනියේ ..//// ගී පද/සංගීතය/ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන 

මේ අවන්හලේ - Me Awanhale - Neela Wickremasinghe

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි මා ඔබ වගේම ලෝකේ  කඳුළු දුක් සිතේ ලා දිවි ගෙවන්නෙමි ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමි කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ විඩා නොවී සිනා සෙමී මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ විඩා නොවී සිනා සෙමී මා ලවන් දැලේ බිඟුන් මුලා වී රැඳෙන්නෙපා මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා ගී පද: කේ.ඩී.කේ ධර්මවර්ධන  සංගීතය: නිමල් මෙන්ඩිස්  ගායනය: නීලා වික්‍රමසිංහ 

දෙස බස රැසට - Desa Basa Resata - Abeywardena Balasooriya

දෙස බස රැසට එරෙහිව රට දසනු දිසා කළු සුද්දන් ගැතිව පවසන තෙපුල අසා කකියයි රුහිරු රුපුසේනා තෙදණ නසා නිවහල් ඟඟ ගලයි අද මුළු රටම වසා පරයින් බසට ගැති හෙලයන් පිටු දකිනු පරයින් පා සිඹින වහලුන් දුරු කරනු පරයින් මිතුරු කැල සතුරන් ලෙස සිතනු පරයින් නසන නිදහස් පිළිරැව් නගනු දෙසබස රැසට .... පරගැති කුමරුවෝ හිනැහෙති සඳළුතලේ පරගැති නැති පුතුන් පසුවෙද පිදුරු පැලේ උන්ආ දිනෙක බිඳ දා අවි රද සතුරු බලේ මේ ලක් පොළොවැ නිවහල් මල් පොකුරු දිලේ දෙසබස රැසට .... ගී පද:  සුනිල් ආරියරත්න ගායනය: අබේවර්ධන බාලසූරිය සංගීතය:  වික්ටර් රත්නායක

උදා වෙලා ආදරේ - Uda wela adare - Rohana Bogoda

උදා වෙලා ආදරේ යොවුන් කුසුම් වනේ  නිමාවෙලා ජීවිතේ වේදනා  හදේ බැඳී ආදරේ, නෙතේ රැඳී ආදරේ  සැබෑ වෙලා ලංවෙලා සිනා වෙවී ..// කුමුදයි සඳයි සේ බැඳී ආදරේ  අතිනත් අරන් ජීවිතේ වසන්තයේ ..// දිගුකල් දිනේවා සෙනෙහේ බැඳේවා  වෙරළයි රළයි සේ බැඳී සදාදරේ  උදා වෙලා ආදරේ .. බඹරයි මලයි සේ බැඳී ආදරේ  සිත්සේ සරා ජීවිතේ සඳුන් වනේ ..// දිගුකල් දිනේවා සෙනෙහේ බැඳේවා  වෙරළයි රළයි සේ බැඳී සදාදරේ  උදා වෙලා ආදරේ ..// ගී පද: කේ ඩී කේ ධර්මවර්ධන  ගායනය: රෝහණ බෝගොඩ  සංගීතය: ප්‍රේමනාත් කොඩිතුවක්කු  

නීල ගගන කෙ තලේ - Neela Gagana ka Thale - Mahendra Kapoor

හේ... නීල ගගන කෙ තලේ  ධර්ති ක ප්‍යාර පලේ ...// අයිසේ හේ ජග් මේ(යි) ආතී හේ සබ්හේ   අයිසේ හේ ෂ්‍යාම ධලේ  හේ... නීල ගගන කෙ තලේ  ධර්ති ක ප්‍යාර පලේ ශබ්නම් කි මෝති පොලෝ පෙ භිකරේ  දොනෝ කි ආස පලේ  ...ඒ ඒ ... නීල ගගන කෙ තලේ  ධර්ති ක ප්‍යාර පලේ බල්කාති බෙලේ මස්ති මේ ඛේලේ  පෙදෝ සේ මිල්කේ ගලේ ...ඒ ඒ ... නීල ගගන කෙ තලේ  ධර්ති ක ප්‍යාර පලේ නදියා ක පානී දැරිය සේ මිල්කේ  සාගර් කි ඕර චලේ ..ඒ ඒ ... නීල ගගන කෙ තලේ  ධර්ති ක ප්‍යාර පලේ අයිසේ හේ ජග් මේ(යි) ආතී හේ සබ්හේ   අයිසේ හේ ෂ්‍යාම ධලේ  හේ... නීල ගගන කෙ තලේ  ධර්ති ක ප්‍යාර පලේ ආ ..... හේ... නීල ගගන කෙ තලේ  ධර්ති ක ප්‍යාර පලේ හේ... ල ලල ලල ලල ලා  ල ලල ලා ලා ලා  ගී පද: සශිර් ලුධියාන්වි  ගායනය: මහේන්ද්‍ර කපුර්  සංගීතය: රවී  සිනමාපටය: හම්රාස් (1967) [confidence] රඟපෑම්: රාජ් කුමාර් / විමි  අදහස: Beneath the blue sky,  The love of earth blossoms In this place the morning arrives In this place the evening falls The pearls of morning dew spread upon the flowers And both of their desires flourish The sprawling branches play joyfully And meet the embrace of th