Posts

Showing posts from December, 2020

කල්පනාවෝ පාව යයි - Kalpanawo - T M Jayarathna

කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ  නිල් වළාවේ යාවී ඈ සොයා සඳක් සේ නිම් වළල්ලේ නොසැංගී නැළැවෙමු ගයා ගීතිකා ලියන්නේ කෙසේ දෝ වදන් නෑ කියම්දෝ කෙසේ ආදරේ බිඟුන් සේ මත් වී මලේ රොන් උරා බී සැනහෙමු නිවා වේදනා ගෙන එන්නම් ආදරේ පැතු ජීවිතේ මධු මීවිතේ උතුරා යනා නේක මල් සුවඳින් පිරේ දිවි මාවතේ තනි වේ නම් සාගරේ රැළි සේ සිතුම් මැද ආදරේ මේ මියුරු ගී රාව නැංවේවා සදා කාලේ කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ  නිල් වළාවේ යාවී ඈ සොයා සඳක් සේ නිම් වළල්ලේ නොසැංගී නැළැවෙමු ගයා ගීතිකා ගෙන එන්නම් ආදරේ පැතු ජීවිතේ මධු මීවිතේ උතුරා යනා නේක මල් සුවඳින් පිරේ දිවි මාවතේ තනි වේ නම් සාගරේ රැළි සේ සිතුම් මැද ආදරේ මේ මියුරු ගී රාව නැංවේවා සදා කාලේ ගී පද: ගාමිණී විජේතුංග සංගීතය: නිමල් මෙන්ඩිස් ගායනය: ටී. එම්. ජයරත්න

ගීතා දයාබර ගීතා - Geetha dayabara geetha - Sanath Nandasiri

ම්ම් ..... ගීතා දයාබර ගීතා // ම්ම්......// අහසේ තරුකා මල් පිපිලා නෑ  මහද ආදරේ මල් පිපිලා නෑ  අඳුරේ ඔබේ නෙත් හිනැහෙන්නේ නෑ  කතරේ වාලුකා දිය හමුවන්නෑ   ගීතා දයාබර ගීතා // ම්ම්......// උයනේ ගං තෙරේ අප හමුවන්නෑ  අඳුරේ රඟහලේ අප ලංවන්නෑ  ඔබගේ දෑත මට හිමිවන්නේ නෑ  එහෙත් ආදරේ අඩුවන්නේ නෑ  ගීතා දයාබර ගීතා // ම්ම්....../// ගී පද: බුද්ධදාස ගලප්පත්ති සංගීතය: සනත් නන්දසිරි ගායනය: සනත් නන්දසිරි

අතීතයේ කළු වලාකුළින් - Atheethaye kalu - Nalini Ranasinghe

අතීතයේ කළු වලාකුළින්   හිරු වැසී තිබේ හිරු නැගී වරෙන් අනාගතේ මල් පිපී වරෙන් මල් පිපී වරෙන් මල් පිපී වරෙන් //.. // සුදු වලා ගැබේ හිරු ඔපේ ඔපේ අප නවෝදයේ මල් පිපේ පිපේ // හැම දෙනා වගේ එක කුලේ කුලේ ජය අනාගතේ මත ඇලී ඇලේ // අතීතයේ කළු වලාකුළෙන්... පෙනේ සුමුදු මුදු හිනා හිනා ගෙනේ හෙටක් කිරි අනා අනා ඔබේ උපන් දින තනා තනා හෙටක් ලැබේ පැණි උනා උනා // අතීතයේ කළු වලාකුළෙන්... ගී පද: වල්ගම සෝමතිලක සංගීතය: සෝමදාස ඇල්විටිගල ගායනය: නාලිනී රණසිංහ ස්තුතිය: ප්‍රභාත් රාජසුරිය 

යොවුන් මල් වසන්තේ - Yowun mal wasanthe - H R Jothipala

යොවුන් මල් වසන්තේ  සිනාසෙයි දසන්තේ  පැතුම් ලොවේ බිඟු සේනාවන්  අවටින් පියඹන්නා  යොවුන් මල් වසන්තේ හදේ රන් විමානේ  නැගේ පෙම් උදානේ  අලංකාර දිවි මල් උයනේ  පිපි කුසුමන් පෙති සැලුණේ ..// යොවුන් මල් .. සැබෑ මිත්‍ර ප්‍රේමේ  උදා වේවී සාමේ  මගේ පාලු සිත දැන් පිරිලා  මිතු දහමේ රඟ දැනිලා ..// යොවුන් මල් .. නෙතේ රුව ඇඳී යයි  සවන් යුග පිනා යයි  හිසේ නොපිපි මල් අද පිපිලා  ඇත සතුටින් හිත පිරිලා ..// යොවුන් මල් ..// ගී පද: කරුණාරත්න අබේසේකර  සංගීතය: පී එල් ඒ සෝමපාල  ගායනය: එච් ආර් ජෝතිපාල  චිත්‍රපටය: සිතක සුවඳ (1978) විශේෂ: එකවර දෙදෙනෙකු සඳහා පසුබිම් ගායනය ( ටෝනි රණසිංහ / තිස්ස විජේසුරේන්ද්‍ර)

දෙනුවර දෙදෙනෙකී - Denuwara Dedeneki - Victor Rathnayaka

දෙනුවර දෙදෙනෙකී  නුවරකදි දුටුවේ එදා   නෙත්වලිනි විමසුවේ කවුද ඔබ කවුදෝ කියා ආයෙ මුණගැසෙනා ඇල්ම හිත රැඳුනා  වෙන්ව ගිය යාමේ මා ගොළුව උන්නා  ඉන්පසුව ඇය මා නැවතත්  හමුනොවිණි  මෙවිසල් මිහිතලේ දෙනුවර දෙදෙනෙකී... කාලයක් ගෙවුණා ඒ මතක මැකුනා  අන් ළඳක් මාගේ ආදරය දිනුවා  ඇය නැවත දුටුවා එදිනයි  සිත් දෙකක් නැති බැව් වැටහුණේ දෙනුවර දෙදෙනෙකී... ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: නිමල් පෙරේරා ගායනය: වික්ටර් රත්නායක

මින් මැදුරේ උයන් කොනේ - Min Medure - Priya Sooriyasena

මින් මැදුරේ උයන් කොනේ  තුරු සෙවනේ පියුම් විලේ  ඔබ මේ වාගේ හමුවන්න දෑතේ වෙලී  හැමදාම නෑ වාසනා  හද පුජාසනේ බැති පුජා නැතේ  සිතුවිල්ල ලතැවිල්ල වේ  ඔබ රන් පාට මල් දෝත සුවඳින් පිරූ  අසමාන පෙම් ගී ඇසේ  පෙර හඳුනා තියා මා මනසේ වෙලී  කඳුලැල්ල හසරැල්ල සේ  ඔය අනුරාග මදහාස අඩවන් නෙතේ  සඳ රැල්ල දෝ යා වුණේ  මින් මැදුරේ.... ගී පද: කේ.ඩී.කේ. ධර්මවර්ධන ? සංගීතය: ප්‍රියා සුරියසේන ?  ගායනය: ප්‍රියා සුරියසේන 

ආදරයේ මිහිර රැඳී - Aadaraye Mihira - Milton Mallawaarachchi

ආදරයේ මිහිර රැඳී වියෝගයේ සුසුම් මැකී සෙනේහයේ සුවය රැඳී මහද පැසේ පැතුම් පිරී ..// අතීතයේ බොරළු තලා පිනට ඔබේ සැඟවීලා තුෂාරයේ සිහිල වෙළා දිය දහරා මතු වීලා ආදරයේ ... සදාදරේ අමා සරේ  හැඬ වු ළඳේ මහද වෙණේ ජීවිතයේ සොඳුරු සුවේ ඔබේ සිනා රැල්ල ගෙනේ ආදරයේ ... ගේය පද: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීතය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි විශේෂ: මිල්ටන් ගේ ආරාධනයෙන් කේ ඩි කේ ලියූ ඔහුගේ පළමු ගීතය 

මේ කුළු සළුවේ - Me kulu saluwe - Priya Sooriyasena

මේ කුළු සළුවේ තරුවැල් පටලා  සඳවත හිනැහෙනවා  සඳවත හඬවා සඳවත සඟවා  වැහි කළුවක් එනවා වැහි කළුවක් එනවා මුව ගොළු වී ඇත නෙත ගොළු වී නැත  සිත කැළඹී නැත ලොව කැළඹී ඇත  වැසි ගිලිහී ඇත ගඟ ඉතිරී නැත  ලොව වටහා ගත නොහැක අපේ  මේ කුළු සළුවෙ.. සඳ පායා ඇත තරු සැඟවී නැත  මල් පර වී ඇත බඹරු හඬා නැත  ඔබ කැළඹී ඇත මා නොසැලී ඇත  ඔබ වටහා ගත නොහැක ළඳේ  මේ කුළු සළුවෙ.. ගී පද: කේ.ඩී.කේ. ධර්මවර්ධන සංගීතය: සරත් බාලසුරිය  ගායනය: ප්‍රියා සුරියසේන 

පෙම් පවන් විහිදේ - Pem Pawan vihide - Victor Rathnayaka

පෙම් පවන් විහිදේ පෙම් හැඟුම් පීදේ ඔබ මා හා ආ සේ රැලි වෙරළේ වෙළේ මල් ළඳුන් සොයා වෙහෙසිලා රන් බිඟුන් නැතේ දුක් වෙලා ..// නෙත කඳුළේ නොලා මුව හසරැල් සලා ඔබ නින්දෙන් වෙළා හිඳිමූ ළංවෙලා පෙම් පවන් විහිදේ... සිහිනයෙන් පැතූ ජීවිතේ ආදරේ සැබෑ වී ඇතේ ..// මුදු තෙපුලේ සරේ රස සවනේ පිරේ දිවි රන් මාලිගේ  දුක් අඳුරෙන් මිදේ පෙම් පවන් විහිදේ... ගී පද: කේ.ඩී.කේ. ධර්මවර්ධන සංගීතය: ආර්. ඒ. චන්ද්‍රසේන ගායනය: වික්ටර් රත්නායක

කඳුරැල්ලෙන් එහා ගමට - Kadurellen eha - Abeywardena Balasuriya

කඳුරැල්ලෙන් එහා ගමට ඔබ කැඳවා ගිය මාවත කඳුළැල්ලෙන් වැසී ගියා කඳුළැල්ලෙන් වැසී ගියා එහා ගමේ රත්තරනින් මංගල මධු සඳ පායා ..// මගෙ කුටියේ තනි යහනේ ඒ මධු සඳ දැවී ගියා කඳුරැල්ලෙන් එහා... කඳුරැල්ලෙන් එහා ලොවට සිතක සුසුම් පාවෙනවා ..// එතැන සුවඳ මෙහි එනවා මෙතැන සුවඳ එහි යනවා කඳුරැල්ලෙන් එහා... ගී පද: දයා ද අල්විස් සංගීතය: වික්ටර් රත්නායක ගායනය: අබේවර්ධන බාලසූරිය

මගේ පුංචි ලෝකේ - Mage punchi loke - Yasapala Perera

 මගේ පුංචි ලෝකේ හිරු හඬවා  ඔබ යන්න ගිය දා සඳ සඟවා  ඔහුගේ දැතේ සැංගී පාවී අපේ පාලු නිම්නේ තරු වෙරළේ  යලි මුණ ගැහෙන්නේ නෑ  නයනී  සීතල පිනි මල් පොකුරු පිපී  මා හද සැමරුම් සුවද දිදී  ඈ වෙනුවෙන් දෝ රෑ මොනරුන්  සිත රිදවා හඩනු ඇසේ  මා තනි වූදා මගේ තුරුලේ මගේ පුංචි ලෝකේ හිරු හඬවා  ඔබ යන්න ගිය දා සඳ සඟවා  මාවත කදුලින් වැසුණු වෙලේ  ඈ වෙත පැතුමක් මසිත නැගේ  මා දෙනුවන් ඇගේ සෙනෙහේ සුරතල් වූ මිහිරි ලොවේ ආලෝකය නෑ හිරු එළියේ   අපේ පාලු නිම්නේ තරු වෙරළේ  යලි මුණ ගැහෙන්නේ නැ නයනී ..// ගී පද: ප්‍රනීත් අබේසුන්දර   සංගීතය: සනත් නන්දසිරි     ගායනය: යසපාල පෙරේරා 

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

කැන්දා ඔබ එහා ගමට ගෙන ගිය දා සිට  මන්දා මගෙ සිත පාළුයි බහක් නුදුන්නට  බැද්ද කොණේ පිපුණු මලක සුවඳ නුරාවට  නැද්ද ළඳේ සිත බැඳුණේ සිටිය තුරාවට ..// කුණ්ඩ සමන් මල් පිපෙද්දි ගේ උඩ ලන්දේ  නින්ද නැතිව නිදි යහනේ සෙනෙහස බැඳුණේ  මන්ද මගේ හිත ගොලුවී මේ දුක වින්දේ  වින්ද හිතක් මෙයින් පසුව කොතැනක රැන්දේ  කැන්දා ඔබ එහා ගමට... මාල කැලුම් පෙති ගෝමර ගෙල නොපෙනෙන්නේ  කෝල බැලුම් ඉඟි නෙත කවදද හමුවන්නේ  නීල වරල කුඹුකේ ලිඳට නැත පැමිණෙන්නේ  මාල ගිරවුනේ නැතිවද ඒ ටික දන්නේ  කැන්දා ඔබ එහා ගමට... ගී පද: ගුණසේන කඩිගමුව  සංගීතය: වික්ටර් රත්නායක    ගායනය: වික්ටර් රත්නායක

කැලෑ මල් පිපෙයි - Kele Mal Pipeyi - Sunil Edirisinghe

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ අමා ලොල් බඹර පිරිස ඇදේ මලින් මලට හෙමින් සැරේ සිනා ‍රැල් නැඟේ ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ සදා කල් හඬා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ සලෙළ දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි කැලෑ මල් පිපෙයි... ළඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන් නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන් මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන් මල් මෙළඳුන් අතරතුරේ වාසනාවන් කැලෑ මල් පිපෙයි... ගී පද: සුනිල් ආරියරත්න  සංගීතය: එච්. එම්. ජයවර්ධන   ගායනය: සුනිල් එදිරිසිංහ චිත්‍රපටය: කැලෑ මල් (1982)

ලබැඳි සබඳ ඔබ - labandi sabanda oba - Indrani Bogoda

ලබැඳි සබඳ ඔබ කිමද තැවෙන්නේ  මල ඊයේ නැත යලි එළබෙන්නේ  කඳුලින් කවුරුද ජය පැන් බොන්නේ  දහදිය බින්දු මත ලොව ඉදිවන්නේ  නූපන් හෙට උපදින්නේ හෙටටයි  හෙටට වඩා ඔබ ඕනෑ අදටයි  අලසව සිටින ගති හරි නිවටයි  ඔබත් මාත් කැප විය යුතු රටටයි // ලබැඳි සබඳ ඔබ .... පෙර මඟ බාදක ගල්පර එමටයි  ඒ හැම මැඩලන ශක්තිය ඔබටයි  මේ බිම ඔබ ඉපදුනේ පෙර පිනටයි  ඔබ මා කැප විය යුතු දිනු රටටයි // ලබැඳි සබඳ ඔබ .... ගී පද: සමන් චන්ද්‍රනාත් වීරසිංහ  සංගීතය: එච්. එම්. ජයවර්ධන   ගායනය: ඉන්ද්‍රානි බෝගොඩ  

බෑ බෑ ගෙදර යන්න බෑ - Ba Ba Gedara Yanna Ba - Lucien, Anula Bulathsinhala

  බෑ බෑ ගෙදර යන්න බෑ ගෙදර යන්නෙ නෑ මං ගෙදර යන්නෙ නෑ ගෙදර යන්නෙ නෑ මං ගෙදර යන්නෙ නෑ පය ඔසවා ගන්න බෑ මගේ සියොළඟින්ම බැඳ දමා තිබේ පය ඔසවා ගන්න බෑ මගේ සියොළඟින්ම බැඳ දමා තිබේ සිර මැදිරිය හැරලුවත් මෙසේ මේ සිරකරු යන්නෙ නෑ කපේ මේ සිරකරු යන්නෙ නෑ කපේ ඉගිළ යන්න ඇයි බැරී ඉගිළ යන්න ඇයි බැරී ඉගිළ යන්න ඇයි බැරි මගෙ තාරාවෝ ඉගිළ යන්න ඇයි බැරි මගෙ තාරාවෝ කූඩුවේ දොර හැර දැම්මා මා අහසෙ තියෙයි ඔබ හට සීමා කූඩුවේ දොර හැර දැම්මා මා අහසෙ තියෙයි ඔබ හට සීමා විසල් ලොවට මග​ ඉඩ දෙන් නා ඉතින් ඉගිළියන් තාරාවා ඉතින් ඉගිළියන් තාරාවා ඉතින් ඉගිළියන් තාරාවා බෑ බෑ ගෙදර යන්න බෑ මට ගෙදර යන්න බෑ මං ගෙදර යන්නෙ නෑ දිය පීනා එයි තාරාවා ඉගිළී පල කළු තාරාවා දිය පීනා එයි තාරාවා ඉගිළී පල කළු තාරාවා ගී පද:  ලූෂන් බුලත්සිංහල   සංගීතය: ගුණදාස කපුගේ   ගායනය: ලූෂන් බුලත්සිංහල සහ අනුලා බුලත්සිංහල​

ඔබ ගෙදර එන්න - oba gedara enna - Neela Wickremasingha

ඔබ ගෙදර එන්න  පහන් තරුව පායන විට වත්  ඔබ ගෙදර එන්න  කම් නැත මගේ කුමරුවනේ  දෑස බොඳ වෙලා තිබුනට  මුව තැවරුණ දුම සුවඳයි  නිදිබර සුසුමෙන් සුසුමට  ආගිය තැන නාසන්නම්  සංකා නොම ගන්න  කම්පා නැත ලිය වත්සුණු  ඔබේ වත තැවරී තිබුනට  නාදුනනා කෙහෙ රැහැනක්  සළුපිලි අතරේ රැඳුනට  මට නිදි මත නැත කුමරුනි  ඔබට බත බෙදන්න  තොන්තුවා වෙන්න එපා  ගතම මැලවිලා තිබුනට  උණු දිය සනහා පිසදා  හිස පිරමී නිදියන විට  තවුසෙකු සේ සැතපෙනු දැක  මට හැක හිනැහෙන්න  ගී පද: රන්බණ්ඩා සෙනෙවිරත්න  සංගීතය: ප්‍රේමසිරි කේමදාස  ගායනය: නීලා වික්‍රමසිංහ 

බොරළු ඇනෙන - Boralu Anena - Deepika Priyadharshani

බොරළු ඇනෙන පය රිදවන  වෙහෙස මදක් නිවාගන්න ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න කැලේ ගිහින් නිදි වැරුවා... කැලේ ගිහින් නිදි වැරුවා කැපුන සඳුන් දණ්ඩ දනී ඒ සඳුනෙන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී අඳුරට දුක එකතු වෙලා... අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු පැලට වඩී අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී රෑන ගිරව් කටුසු කොබෙයි... රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුණි වනේ නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ කඳු ඉස්මත්තෙන් පාවී... කඳු ඉස්මත්තෙන් පාවී … ගී පද:  සංගීතය: රෝහණ වීරසිංහ  ගායනය: දීපිකා ප්‍රියදර්ශනී  Translate to English

වහා ඉගිලී එන්න - Waha igilee enna - Malini Bulathsinhala

වහා ඉගිලී එන්න මා වෙත  පරෙවියෝ සුදු පරෙවියෝ  මුදා සවනත පලා එමි මම  තැවුණු හදැතිව පරෙවියෝ ..// සිනා පුදසුන කඳුළු පිදුණා  මා පැතූ මගේ ලෝකයෙන්  දුන් දයාවට ලැබිණි පිළිතුරු  ක්‍රෝධයෙන් හා ද්වේශයෙන්  නිවී ගිය නෙතු වරදවා ගෙන මත්ව බැලුවෝ සරාගෙන්  ඉනු සිහිලස ඇවිලුනා නෙත  බිම දවාලෙවූ ගිනි දැලෙන්  වහා ඉගිලී එන්න මා වෙත .. නෙතක් නෑ සිහිලසක් දෙන්නට  මනු කැලේ හදැතියන්නේ  සෙනේහය නෑ ලැගුම් ගන්නට  ලැගුම් පලවා පෙළන්නේ  විළඳ අතුරා දුටිමි එතෙනට  ගිජු ලිහිණියන් එබෙන්නේ  සුදු පරෙයියනි මිනිස්කම් ඇති  හදක් කොහි වේද කියන්නේ  ගී පද: දයා ද අල්විස්  සංගීතය: රෝහණ වීරසිංහ  ගායනය: මාලිනි බුලත්සිංහල 

වසන්ත සුළඟින් නෑවීලා - Wasantha Sulangin Neweela - Deepika Priyadharshani

වසන්ත සුළඟින් නෑවීලා නව මල් පීදේ අහස් වියන් පට ඉරා ගලා තරු එළි නිමක් නැතේ ..// විහඟ බඳට ර න් අත්තටු පළඳන ජීවිතේ කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ හබල් පහර වැදුණාවේ .... සයුර ඇවිත් හැපුණාවේ .... හබල් පහර වැදුණාවේ ගඟුළට රිදුම් නැතේ සයුර ඇවිත් හැපුණාවේ වෙරළත් සිනාසෙතේ විහඟ බඳට ර න් අත්තටු පළඳන ජීවිතේ කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ වසන්තයක් එන පාරේ .... ඔබේ සෙවණ ලද යාමේ .... වසන්තයක් එන පාරේ සුසුමට ඉඩක් නැතේ ඔබේ සෙවණ ලද යාමේ ලොව දෙව්ලොවක් වෙතේ විහඟ බඳට ර න් අත්තටු පළඳන ජීවිතේ කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ වසන්ත සුළඟින් නෑවීලා නව මල් පීදේවී අහස් වියන් පට ඉරා ගලා තරු එළි නිමක් නැතේ ..// විහඟ බඳට ර න් අත්තටු පළඳන ජීවිතේ කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ ..// වසන්ත සුළඟින් නෑවීලා ගී පද - බන්දුල නානායක්කාරවසම් සංගීතය - කරුණාරත්න විජේවර්ධන ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

හිම වලා පෙලින් - Hima Wala Pelin - Priyan Pathirana

හිම වලා පෙලින් වැසිලා ගියා සේ  හිරු සැඟවී අඳුරේ  ඔබ නැති මගේ ලොව වේදනාව දුක අද මා ළඟ වැතිරේ   ..// හිම වලා පෙලින් වැසිලා ගියා සේ බොඳවුණු කඳුලින් පෙර අප සිතුවම්  බැඳී රැඳී හද පාරන්නේ  සිත දිරියක් නැත  ගත සවියක් නැත  කෙලෙසද මේ දුක වාවන්නේ  හිම වලා පෙලින් වැසිලා... හිම වලා පෙලින් වැසිලා ගියා සේ නොයදිමි ඔබගෙන් සෙනෙහස පෙරමෙන්  දහස් වරෙක මට එලෙස සිතේ  එහෙත් ඔබෙන් තොර  වෙනත් ලොවක මට  සැනසී ඉන්නට වරම් නැතේ  හිම වලා පෙලින් වැසිලා...// හිම වලා පෙලින් වැසිලා ගියා සේ පද -  සංගීතය -  ගායනය - ප්‍රියාන් පතිරණ 

අද පමණයි - Ada Pamanai - W D Amaradewa

අද පමණයි ඉතිරිව පවතින්නේ  හෙට වන විට අප නැත හමුවන්නේ  තොලින් තොලට වෑහෙන මී බින්දු  තොලින් තොලට පෑහෙන මී බින්දු  තොලින් තොලට යා වෙන අම ලන්දු   මලින් මලට පා වෙන බඹරින්දු  පිපෙන පිපෙන මල් කැකුළට කොඳුරා  බඹරා පවසන රහස මෙයයි ඔබ තොල් පෙති මට මී විත වේ නම්  මම ඔබේ සංගීතය වෙන්නම්  නොපැමිණි දුක් එන මග මල් රඳවා // සපැමිණි දුක් හැම දුරු කරවා // ජීවිත සැපතට දොර අරවා - මී විත ගෙන එන් මුවවිට පුරවා තොලින් තොලට වෑහෙන...... පද - මහගම සේකර සංගීතය - ලයනල් අල්ගම ගායනය - පණ්ඩිත් අමරදේව චිත්‍රපටය - පරසතු මල් (1967)