Posts

Showing posts from October, 2021

කඳුළු අතරට - Kandulu Atharata - Milton Perera

කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවණක් වෙමී ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමී // සුවඳ සුදු මල් හිනා වෙද්දී කවුළු දොර ළඟ අතු කොනේ ඒ මැදින් මම හොරෙන් අතුරමි හදවතේ බැතිබර සෙනේ සැඳෑවක ඔබ සඳැල්ලට වී තනි ව ලතැවෙන වෙලාවේ ගීයකට රස පද එවන්නම් සඟවලා රන් වලාවේ බුදුන් පාමුල වැඳ වැටෙද්දී බැතින් බර වී සැනහිලා පිදූ මල් මැද සුවඳ දුම් මැද පැතුම් පුරවමි හිනැහිලා යහනකට වී අඳුර ඉවසා රැය ගෙවී යද්දී ඉබේ සඳ කැරැල්ලක් සමඟ පාවෙමි කවුළුවෙන් කුටියට ඔබේ කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවණක් වෙමී ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමී ආදරේ කවියක් වෙමී ගී පද: දයා ද අල්විස් (මුල්ම ගී පද රචනය) සංගීතය, ගායනය: මිල්ටන් පෙරේරා 

කාන්තාර හද - Kanthara hada - Abeywardana Balasuriya

කාන්තාර හද මඬලට පිණිදිය බිඳු පොකුරු පිපේවා අන්ධකාර වලාකුලේ  රිදී තාරකා හිනැහේවා කාන්තාර හද මඬලට පිණිදිය බිඳු පොකුරු පිපේවා නුවන් විලේ කඳුළ ඔබයි නුවන් විල මමයි පහන් සිලේ එළිය ඔබයි පහන් සිල මමයි නෙළුම් මලේ පැහැය ඔබයි නෙළුම් මල මමයි නෙළුම් මල මමයි කාන්තාර හද මඬලට.. ඔබේ නයන තාරකාව ආකාසේ දිලෙන්නීය කවුළු දොරින් රෑ මැදියම මා යහනට ඇදෙන්නීය පිණි කඳුලින් නළල් තලේ දා බිඳු පිසදා දා බිඳු පිසදා ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න  ගායනය: අබේවර්ධන බාලසූරිය  තනුව: ප්‍රියා සූරියසේන සංගීතය: සේන වීරසේකර

නිමා නොවන - Nima Nowana - Mervin Perera

නිමා නොවන පෙම් හැඟුම් මහා සමුදුරක් ලෙසින් ගෙඋයන් සීමා දොරින් නික්ම යනු දුටිම් සොරෙන් නික්ම යනු දුටිම් පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා කැදැල්ලෙන් මිදී සිතිවිලි සියොතුන් සරා ලවන් සොයා පියා සලා යයි නිමා නොවන පෙම් හැඟුම් .. හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ එනමුදු රන් රූ පරයන අඟනන් නුරා නුවන් සොයා හැඟුම් පලා යයි නිමා නොවන පෙම් හැඟුම් මහා සමුදුරක් ලෙසින් ගෙඋයන් සීමා දොරින් නික්ම යනු දුටිම් සොරෙන් නික්ම යනු දුටිම් සොරෙන් නික්ම යනු දුටිම් නික්ම යනු දුටිම් සොරෙන් නික්ම යනු දුටිම් // ගී පද: කපිල කුමාර කාලිංග සංගීතය : ප්‍රියා සූරියසේන ගායනය: මර්වින් පෙරේරා 

මලින් මලට - Malin Malata - Shirley Waijyantha

මලින් මලට බඹරු රඟන මේ සැන්දෑවේ ඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ මලින් මලට බඹරු රඟන මේ සැන්දෑවේ ඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ ආදරයේ සිත් පිබිදී එයි නළ රැල්ලේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේ අහසේ දිලෙන තරු යායට පාවෙලා යමූ තරු ගොමුවේ මුතු සළුවක සැඟවිලා ඉමු අපිත් අපේ ලොවක මිහිරි සුවය ලැබ ගමු අපි දෙන්නා සැන්දෑවේ ගී පද ගයමු මලින් මලට බඹරු රඟන මේ සැන්දෑවේ ඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ ආදරයේ සිත් පිබිදී එයි නළ රැල්ලේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේ හනි හනිකට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවා රල අතරේ පෙනපිඬු අප ගත දැවටෙනවා දවස ගෙවී රැයක අඳුර නෙතට දැනෙනවා අපි දෙන්නා සැන්දෑවේ ගී මුමුණනවා මලින් මලට බඹරු රඟන මේ සැන්දෑවේ ඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ මලින් මලට බඹරු රඟන මේ සැන්දෑවේ ඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ ආදරයේ සිත් පිබිදී එයි නළ රැල්ලේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේ//// ගී පද, සංගීතය, ගායනය: ෂර්ලි වෛජයන්ත

ඕලු පිපීලා - Olu Pipila - Sunil Shantha

ඕලු  පිපීලා  විල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ  ඕලු නෙළාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ  එන්න දියේ බැස මා හා  දෙන්න ඔබේ අත මාලා  ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා  වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටවු නංගෝ  කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ  මෙන්න මලක් මා නෙළුවා  ඔන්න ඔබේ ඒ මාලා  ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා  නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ  මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ  ඕලු මලේ සුද නාලා  ඔබේ රුව වැඩිවෙයි මාලා  ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා  ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා  ගී පද, සංගීතය, ගායනය: සුනිල් ශාන්ත  * මෙය සම්පුර්ණ ගීතය නොවේ

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

බඹර පැටික්‌කී තුනු සිරි විලේ නටන බඹර පැටික්‌කී ඉඳු දුනු දැලේ කෙලන මොණර පැටික්‌කී කව් කෝකිලයින් ගයන වෙලාවේ මල් යාය කිකිණි හඬට සිනාසේ නෙත් දෑල වලින් කියන කතාවේ මත් සලෙළ සමේ මහිම උදාවේ බඹර පැටික්‌කී දඹ තුරින් තුරට පීත වලාවයි රන් දොරින් දොරට නීල නිලාවයි මුව සරින් සරට ගීත කලාවයි පිපි මලින් මලට ආල ගුලාවයි බඹර පැටික්‌කී ගී පද: සුනිල් ආරියරත්න සංගීතය: වික්ටර් රත්නායක ගායනය: පණ්ඩිත් අමරදේව