Posts

දකුණ නැගෙනහිර - Dakuna Nagenahira - Ivor Dennis

දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ එකම දැයක් වී මහ බලයක් වී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළවේ සුරු විරු කම් උපතින් හුරුවේ  දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස් මවමින් මුළු ලෝ කන්දට කෙන්දට කොන්දට හුරු වී වන් වන්  අත සුරු වී  විපත පවා සැපතට හරවාලා  පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළවේ සුරු විරු කම් උපතින් හුරුවේ  දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස් මවමින් මුළු ලෝ වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැඟ නැඟ යමු දියුණේ බාධා වලටද බාධා ගෙනදී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළවේ සුරු විරු කම් උපතින් හුරුවේ  දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස් මවමින් මුළු ලෝ වීර විකුම් පෑ ආදී මුතුන් ගිය  පාර අපේ උරුමේ  නෑර ඔවුන් මග සූර ලෙසින් වැද  පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළවේ සුරු විරු කම් උපතින් හුරුවේ  දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස් මවමින් මුළු ලෝ ගී පද : අරිසෙන් අහුබුදු  සංගීතය: සුනිල් ශාන්ත  ගායනය: අයිවෝ ඩෙනිස් 

list

Supun sandak nageelaa Pipila hada vile

මුතු කඳුලින් - Muthu kandulin -Athula Sri Gamage

මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳෑවේ.. මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ.. // පාට වලාවෙන් රන් අහස සිනාසේ..   අපට කියලා ඉඩක් කොහෙහේදෝ නිදහස පිරි තැන් කොතැන තියේදෝ.. // බොහෝ කලක් ගෙවී ගිහින් නොදුටු සිනාවේ කොපුල් තෙමා ඉකිනොබිඳින් ලද නිමේෂයේ   මුතු කඳුලින්...   සුසුම් හෙලාලා පලක් තියේදෝ කරදර සෝ දුක් මැකී ගියේදෝ.. // අනාගතේ කෙසේ නගා ගමුද සිතාලා සිනා සිසී යමු දුර මංපෙතක් සොයාලා..   මුතු කඳුලින්...   ගී පද : ප් ‍ රනීත් අභයසුන්දර සංගීතය  : උපාලි කන්නංගර ගායන‌ය : අතුල ශ් ‍ රී ගමගේ

එදා මෙන්ම - Eda Menma Ada - Thyagya N Edward

එදා මෙන්ම අද ඈත අහසේ රුවන් තාරකා මතුවන යාමෙි ඔබ මට පෙන්නූ කුරුළු පෙම්වතුන් කටරොළු මල් පඳුරට ආවා   ඔහුගේ උණුසුම් පියපත් අතරේ ඈ හිස සඟවා රහසක් කොඳුරයි ඔබෙි සිතට මා තුරුළුව සැනසුන අතීතයත් අද ඉකිබිඳ වැලපෙයි   තරඟෙට මුමුණන වසන්ත ගීතය ඒ සියොතුන්ගේ පෙම් පණිවුඩයයි එවන් තනුවකට බැඳි මෙි ගී හඬ මා ඔබ වෙනුවෙන් නොගැයූ ගීයයි.   පද - දයානන්ද කුමාරසිරි ස්වර - ඔස්ටින් මුණසිංහ හඬ - ත් ‍ යාගා එන්. එඩ්වඩ්

බිනරමලී - Binaramali - Rohitha Wijesuriya

බිනරමලී...බිනරමලී... රන් රැස් කෙදි දසත විදා අහස් ගඟේ මැද තරු මුතුහර ගෙල පලදා වලා සේල ඇද බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද පායාපන් මගේ පැලට පායාපන් සද    වනසපු මල් පිපී සුවද තීරු පෙරෙනවා ඇගේ ලගත් හරියට ඒ පුසුඹ තියෙනවා පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා පුංචි බදේ පෙති ගෝමර සිහියට එනවා බිනරමලී එක්ක එන්න...............   බිනරමලී සිනාසුනා මතකයි යන්තම් මල්පෙති ඇමුණුවා වගෙයි වැලකට රන්දම් නෙරිය තබා ඉග නළවන ගමනෙහි අන්දම් සද පෑව්වා වගේ වැටට උඩිනුත් අන්දම් බිනරමලී එක්ක එන්න...............   ඉර පායා රැස් විහිදා මුදුනට එන කොට සදකත් පිනිදිය ගලලා රැයක් ගෙවෙන කොට මල් පිපිලා පුසුඹ වැදී බඹරුන් එන විට බිනරමලී මතක් වෙනවා ඉන්නට බෑ මට බිනරමලී එක්ක එන්න...............   පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල් තොදොල් වෙවී කථා කියන හඩවා රසු දැල් කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල් සුදු බංඩගෙ පැලේ තමයි බිනරී හැම කල් බිනරමලී එක්ක එන්න.............   ගොයම් නෙළුමෙ කවි සීපද බිනරි කියන විට කොවුල් හඩක් තවත් මොටද මුවන් පැලැස්සට දියත් සසල වෙයි පෑරෙන හදවත් ඉදහිට වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට බිනරමලී එක්ක එන්න...............  

පාවී ඇදී එන්න - Paawi adee enna - Milton Mallawaarachchi

පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යා වීලා පීදී සැලී රෝස යායේ පාවේ දෑසේ සිහින චායා // මාදං කැලේ ලා නිල් තලා හේඩාවේ පාසැල් වියේ ඈ හා එදා මේ වාගේ බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමී සිත පාවී ... පාවී ඇදී එන්න .. රෑනින් මිදී යාවේ අරුණු හෝරාවේ සිහිනෙනේ වගේ පාවී මියුරු ගී රාවේ බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමී සිත පාවී ... පාවී ඇදී එන්න ..// ගී පද: කුලරත්න අරියවංශ සංගීතය: ස්ටැන්ලි පීරිස් ගායනය: මිල්ටන් මල්ලවආරච්චි

මිහිරාවී - Mihiraawee - Sanath Nandasiri

  මිහිරාවී මධු මී බිඳකී ඔබ ජීවිතේ නෑ මිහිරේ මම ගීතයකී ඔබෙ ගී පොතේ ආදරයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා... ගී රස ගංගා දෙගොඩ තලා සොයමින් එන්නේ ඔබ ව බලා ආදර සේයාව ගීතාව මිහිරාව ඔබ ය ප් ‍ රියේ ජීවනයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා... ආදර ගීයේ තනුව ඔබ යි රස ගන්වන වෙණ මිහිර ඔබ යි මා දුටු සේයාව ගීතාව මිහිරාව ඔබ ය ප් ‍ රියේ ආදරයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා... ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: සනත් නන්දසිරි ගායනය: සනත් නන්දසිරි / මල්කාන්ති නන්දසිරි