Posts

Showing posts from September, 2021

ජන්ම භූමි වන්දනා - Janma bhumi wandana - Victor Rathnayaka

ජන්ම භූමි වන්දනා පුන්‍ය භූමි වූ මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ ලොව රම්‍ය භූමි වූ සූර්ය රාජයා ඇදී ‍රැස් විදා වඳී උදේ සිව් මහා ගඟුන් රිදී ගී ගයා වයා ඇදේ හා...හහා...හහා... ලංකා භූමියේ මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ ලොව රම්‍ය භූමි වූ මේ බිමේ පොළෝ තලේ පෑගුණත් ලැබේ බලේ සියල්ලෝම ආසාවේ ඉපිලේ හා...හහා...හහා... ලංකා භූමියේ මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ ලොව රම්‍ය භූමි වූ ලොව රම්‍ය භූමි වූ ලොව පුන්‍ය භූමි වූ ගී පද: සිරිල් ඒ. සීලවිමල ගායනය: වික්ටර් රත්නායක සංගීතය: ආර්. ඒ. චන්ද්‍රසේන

මෝහෙන් මුලා වෙලා - Mohen mula wela - Victor Rathnayaka

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ මිනිසා කොහේද මේ රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ වේ කේළම් කීමෙන් ඕපදූපයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දිය වී බොරුවෙන් රට පිරිහේවී රත්තරන් කෙණ්ඩියේ ... මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නා කළ දේ පල දේ එලෙසේ රත්තරන් කෙණ්ඩියේ ... ගී පද: සිරිල් ඒ සීලවිමල ගායනය: වික්ටර් රත්නායක  සංගීතය: ආර්.ඒ. චන්ද්‍රසේන  ආර් ඒ සී තැටිය - 1969 තුන්වන ගීතය: රත්තරන් කෙණ්ඩියේ 

සඳලතා - Sandalatha - Keerthi Pasquel

සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ළඳුනේ  මටයි හැඟුනේ ආදරේ // මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ // ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුනා රත්තරං // සඳලතා පායලා ... වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා  // පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්  පුරවන්කෝ රත්තරං  // සඳලතා පායලා ... ලා ල ලා ලා ... ගී පද: අජන්තා රණසිංහ  ගායනය: කීර්ති පැස්කුවෙල්  සංගීතය: සරත් ද අල්විස් 

ගලින් ගලට - Galin Galata - Karunarathna Divulgane

ගලින් ගලට අඩි තිය තිය ගලින් ගලට අඩි තිය තිය හෙමින් හෙමින් අකුරට යන පුංචි නංගියේ  හෝඩි පොතේ මල් පිපිලා පාර දෙපැත්තේ හෝඩි පොතේ මල් පිපිලා පාර දෙපැත්තේ ගලින් ගලට .. රාං කුරුළු සීනු  හඬට  ඉරක් ඇවිත් ඉස්කෝලෙට // නීල කොබෙයියන් පාසල් ගීය ගයන්නේ  සිලි සිලි ගා මදටිය ඇට  වැටුනාවේ ඔලිඳ ඇලට  ඇටි කුකුලෝ විහිළු නැතිව අයින් වෙයන්නේ  ගලින් ගලට .. හේන් කුඹුරු සිහි කර කර  පමා වෙලා අකුරට යන // නුඹේ දෑතට කෝටු ඉපල් උරණ නොවන්නේ  සෝඩි ටිකිරි පුංචි පයට  වීරිය වේ හරි හරියට  ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න පුංචි නංගියේ  ගලින් ගලට .. ගී පද: රත්න ශ්‍රී විජේසිංහ  ගායනය: කරුණාරත්න දිවුල්ගනේ  සංගීතය: ගුණදාස කපුගේ 

ඉන්දීවරී ඔබ හා - Indeewari Oba Ha - Anton Senanayaka

ඉන්දීවරී ඔබ හා  හිනැහෙමි මුව පුරහා  මියුලැසියේ මා හා  කිව මැන කිම තරහා  වියලි විසල් හද මන්දිර මිදුලේ  රෝස මලක් සේ ආදරෙන්  කටු අතුරා ඔබ වට කරලා  මා එන මඟ අහුරා  කඳුළු පොදක් නැති මා නෙත් සඟලට  කඳුළු හෙලන්නට රාත්‍රියේ  ඔබ ඉඳුරා නෙත් යුග වටලා  කිමදෝ ලතැවෙන්නේ  ඉන්දීවරී ... ගී පද: කුලරත්න ආරියවංශ  ගායනය: ඇන්ටන් සේනානායක සංගීතය: ප්‍රියා සූරියසේන

නුඹේ නෙත් - Numbe Neth - Lesley Fernando

නුඹේ නෙත් තරු එලිය දැල්වේ මගේ ලොව ගණදුර වසාගෙන  මා දෙනෙත් නිල් දියේ පීදෙන  කඳුළු සියපත සදිසි ප්‍රේමය  රෑහි හඬ ඉකි ගසන මැදියම  මලානික පිණි පොකුරු අරගෙන  පාළු අහසින් එන්න පොලවට  අතීතය ගැන වරක් හැඬුමට  නුඹේ නෙත් .. පෝය හඳ මල් වරව හිනැහෙන  පුරුදු සිහිනෙක සුවඳ මුසුකර  අමාවක ගණදුරෙහි තනිවුන  මගේ ලොවට සඳ එලිය කුමටද  නුඹේ නෙත් .. ගී පද: යසනාත් ධම්මික බණ්ඩාර  ගායනය: ලෙස්ලි ප්‍රනාන්දු  සංගීතය: නවරත්න ගමගේ 

යේ ජීවන හේ - Yeh Jeevan Hei - Kishor Kumar

යේ ජීවන හේ  ඉස ජිවන් කා  යෙහී හේ   යෙහී හේ    යෙහී හේ රංගරූ(ප්) // තෝඩේ ගම් හේ  තෝඩී කුෂියා // යෙහී හේ   යෙහී හේ   යෙහී හේ  චාඔන් දූ(ප්) යේ ජීවන හේ යේ නා සෝචො  ඉසමේ අප්නී  හාර් හයි කේ ජීත හෙයි // උසෙ අප් නා ලෝ ජො භි  ජීවන් කේ රීත හෙයි  යේ සිඩ චෝඩෝ යූ නා තොඩෝ  හර් පල එක් දර්පන් හෙයි  යේ ජීවන හේ  ඉස ජිවන් කා   යෙහී හේ   යෙහී හේ    යෙහී හේ රංගරූ(ප්) යේ ජීවන හේ ධන සේ න දුණී යාසේ  ගර්  සේ  න ද්වාර සේ // සා සෝකි දොර් බ(න්)ධී හෙයි  ප්‍රීතම් කි පෙයාර් සේ  දුනියා චූටේ පර් නා තෝටේ  යෙහ් අයි සා බන්ධන් හෙයි  යේ ජීවන හේ  ඉස ජිවන් කා  යෙහී හේ   යෙහී හේ    යෙහී හේ රංගරූ(ප්) තෝඩේ ගම් හේ  තෝඩී කුෂියා යෙහී හේ   යෙහී හේ   යෙහී හේ  චාඔන් දූ(ප්) යේ ජීවන හේ ගී පද: ආනන්ද් බක්ෂි  ගායනය: කිශෝර් කුමාර්  සංගීතය: ලක්ශ්මිකාන්ත් පෙයාරිලාල්  සිනමාව: පියා ක ගාර් (1970) පරිවර්තනය: This is the life The colors of life, way of life a bit of heartache, a bit of happiness a bit of shade, a bit of shine all the good and bad moments this is the life (do not think) that here we will win or loose just accept what life has to

මේ වේදනා - Me Wedana - lyrics - T M Jayarathna / Nanda Pathirana

මේ වේදනා මේ චේතනා විඳිනා  ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා ඒ පාළු යාමේ ආදරේ හඳුනා  සිත සැලුණා  සීත සෝ සුසුම් පාවී පාවී යයි  හදවත අරණේ  දෑස පාළුවෙන් වේදනා නඟයි  ඔබ නැති යහනේ  ඒ පාළු යාමේ ආදරේ හඳුනා  සිත සැලුණා  ඈත ඒ නුවන් තාරකා පිපෙයි  සිතුවිළි උයනේ  වේදනා ලොවින් රෑ පහන් කරයි  ඔබ නැති සිහිනේ  ඒ පාළු යාමේ ආදරේ හඳුනා  සිත සැලුණා  මේ වේදනා .. ගී පද: අජන්තා රණසිංහ  ගායනය: ටී එම් ජයරත්න / නන්දා පතිරණ   සංගීතය: ස්ටැන්ලි පීරිස් 

මිණි මිණි පොද - Mini Mini Poda - Edward Jayakodi

මිණි මිණි  පොද වැටේවි  මල් මිණි දැදිරි වේවි  ඔබ එනවා නම්  දේදුනු පාලම උඩ හැන්දෑවේ  මම ඉන්නම්  ලා සඳ පළුව ඇවිත් නිල්ගිර මුදුනින්  රන් තරු මාල බැඳන් රන්වන් අහසින්  අද හොඳම දවස  අද හොඳම දවස ඔබ එනවා නම්  මිණි මිණි  පොද ... බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්  සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්  අද හොඳම දවස  අද හොඳම දවස ඔබ එනවා නම්  මිණි මිණි  පොද ... ගී පද: රත්න ශ්‍රී විජේසිංහ  ගායනය: එඩ්වඩ් ජයකොඩි  සංගීතය: කරුණාරත්න විජේවර්ධන

සඳ රෑ සිහිනයේ - Sanda Re Sihinaye - Gunadasa Kapuge

සඳ රෑ සිහිනයේ රැඳෙනා දිගැසියේ කල්පනා මීවිතේ පිරුණා ආදරේ කඳූළැල් පියන් වසනා වෙලේ අඬනා යුග නෙතූ තවරා කසුන් හසකැන් දොවා ළංවී හද පිදූ සරසා ආදරෙන් තනිවී ඒ රැයේ සඳ රෑ සිහිනයේ ... දහවල් පැයේ යනෙනා මඟේ දකිනා සැම නෙතින් රැකවල් හෙලා ගෙනෙනා තුරා සුරතේ රැඳි අතින් සැඟවී වෙන්වෙලා තනිවී ඒ රැයේ සඳ රෑ සිහිනයේ ... ගී පද: ප්‍රියානන්ද විජේසුන්දර ගායනය: ගුණදාස කපුගේ සංගීතය: සේන වීරසේකර