Posts

Showing posts from April, 2023

මිහිරාවී - Mihiraawee - Sanath Nandasiri

  මිහිරාවී මධු මී බිඳකී ඔබ ජීවිතේ නෑ මිහිරේ මම ගීතයකී ඔබෙ ගී පොතේ ආදරයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා... ගී රස ගංගා දෙගොඩ තලා සොයමින් එන්නේ ඔබ ව බලා ආදර සේයාව ගීතාව මිහිරාව ඔබ ය ප් ‍ රියේ ජීවනයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා... ආදර ගීයේ තනුව ඔබ යි රස ගන්වන වෙණ මිහිර ඔබ යි මා දුටු සේයාව ගීතාව මිහිරාව ඔබ ය ප් ‍ රියේ ආදරයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා... ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: සනත් නන්දසිරි ගායනය: සනත් නන්දසිරි / මල්කාන්ති නන්දසිරි