Posts

Showing posts from May, 2021

වලා අතුල සිරි යහනේ - Walaa Athula - Amarasiri Peiris

  වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද් ‍ රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැළවෙන ලතා මඩුල්ලේ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා නොදරුවකු අතින් බොඳ වුණ සිතුවමක් ලෙසින් සුන්දර පාට රෑනකින් දස අත රටා වියනවා කිරි වැදී නටන ගොයමට මිහිදුමින් වැ ‍ ටුනු පිනි කැට රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා ගී පද: සුනිල් රත්නායක ගායනය: අමරසිරි පීරිස් සංගීතය: ප් ‍ රේමසිරි කේමදාස

සුවඳ සලනවා - Suwanda Salanawa - Dayarathna Perera

සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා බඹරු බමනවා සුවඳ වැදී මත්වෙලා... තරු යුවළක් සිනා සලයි ළඟා වෙන්න බෑ පියාපත් ඇතත් ඒ දුර පියාඹන්න බෑ කිසිවක් මට සිතා ගන්න බෑ සිත ඉගිල ගිහිල්ලා සුවඳ සලනවා... වෙනසක් නැති ආදරයයි සිතක් සොයන්නේ කඳුළක් නැති ආදරයයි ලොවක් පතන්නේ කිසිවක් මට සිතාගන්න බෑ සිත ඉගිල ගිහිල්ලා සුවඳ සලනවා.... ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීතය සහ ගායනය : දයාරත්න පෙරේරා If audio features does not show, it means your browser do not support.

දිනපතා අප හමුවෙලා - Dinapatha apa hamuwela - Felix Anton

  දිනපතා අප හමුවෙලා කළ කතා අමතක වෙලා ඔබ හිතේ සැක ඉපදිලා තනිවෙලා මා තනිවෙලා තනිවෙලා මා තනිවෙලා... සැඳෑවක වෙරළට වෙලා තරුණියක හා ළංවෙලා මා සිටිය බව පවසලා යෙහෙළියන් ඔබ රවටලා විහිළුවෙන් ඇස් රතුවෙලා තනිවෙලා මා තනිවෙලා... සිහිනෙකින් ඒ වගේ වෙනස් වී නැත සිත මගේ සුර ළඳුන් සිටිය ද ළඳේ ඔබ වගේ මට නැත අගේ විහිළුවෙන් ඇස් රතුවුණා තනිවුණා මා තනිවුණා තනි වුණා මා තනි වුණා ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීතය : මිල්ටන් පීරිස් ගායනය : ෆීලික්ස් ඇන්ටන්

සුවඳයි මල් - Swadayi Mal - Samantha Perera, Indrachapa Bulathsinhala/Sashika Nisansala

  සුවඳයි මල් සුවඳ සේ මිහිරියි මී පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ මල් පියලි විසිරෙයි වනේ රොන් සුවඳ සුළඟට දැනේ නැහැ පුඩුව සිනිඳුයි ඒ සුවඳ පුරුදුයි මල් කැකුළු.. පූදින්න වාගේ දිය කඩිති නිල්බර වුණේ පොඩි තිත්ත පැටවුන්ටනේ අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි පීනන්න.. දිය කඩිති ගානේ ගී පද : ජැක්සන් ඇන්තනි සංගීතය : ප්‍රේමසිරි ඛේමදාස ගායනය: සමන්ත පෙරේරා සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල / සශිකා නිසංසලා ඇසළ කළුවර ටෙලි නාට්‍යයෙන්

ගාන තෙල් සඳුන් - Gana thel sandun - Saman Jinadasa

ගාන තෙල් සඳුන් වරලස පීරමින් බලන හැඩරුව නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී අහිංසකාවී.....අහිංසකාවී.... කෝල මුතු සිනා දෙතොලග ඉසුනු රන් ළමැද ගෝමර නුඹම නොවෙද සිත රජවුනු මහේසිකාවී මහේසිකාවී....මහේසිකාවී.... සඳ හිනැහී එන යාමෙක සුදු සඳරැස් විලට බහින සුනිල පියුම් පෙති නෙලමින මාල ගොතා ගෙලේ බඳින නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී නුඹම නොවෙද සිත රජවුනු මහේසිකාවී වසන්තයේ හිරු හිනැහෙන දිගන්තයේ මල් සුවඳින දසන්තයේ සිත් පුබුදන කාන්තියේ නෙත් දිදුලන නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී නුඹම නොවෙද සිත රජවුනු මහේසිකාවී ගී පද : යසනාත් ධම්මික බණ්ඩාර සංගීතය : නවරත්න ගමගේ ගායනය : සමන් ජිනදාස

සංහිඳේ දෙවියන් - sanhinde deviyan - Saman Lenin

සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද උඹෙ කුසේ අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මණ්ඩියේ වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල් අලේ රැහැයියෝ ඔය ජප කරන්නේ වැදුම් ගෙදරක මන්තරේ පොඩි එකා ඇහැ පියාගන්නැති දකින්නට පෙර කිරි කලේ වී දෙපෑලක් උගස් කරලා ගෙනත් ඇති පංචායුදේ අලි හිතක් ඇයි අඩිය තිබ්බේ පොඩි පුතා සැතපුණු කුසේ කනාමැදිරියො එළිය නිවලා ගුලිවෙලා ඇති මගෙ පැලේ ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ මිරිස් හේනක දුව පනින්නට පුතත් එක්කල මහ වනේ නංගියේ උඹ ඇවිත් යනවද හීනයක හෙට කළුවරේ ගී පද : සුජීව හෙට්ටිතන්ත් ‍ රී සංගීතය : සුනිල් දයානන්ද කෝනාර ගායනය : සමන් ලෙනින්