Posts

Showing posts from March, 2021

මතක ලන්තෑරුම් අඳුර - Mathaka Lantharum andura - Divulgane, Abhisheka

       මතක ලන්තෑරුම් අඳුර  මැද  ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා දැනුනෙ නැතුවට මගේ කඳුළින් කමිස උරහිස තෙමී තිබුණා මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා නොදැනුණා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා ගායනය : කරුණාරත්න දිවුල්ගනේ / අභිෂේකා විමලවීර  ගී පද: අභිෂේකා විමලවීර  සංගීතය :තරිඳු ප්‍රියංකර ද සිල්වා