Posts

Showing posts from March, 2022

නෙලා ගැනුමට - Nela Ganumata - Sunira Sumanga

නෙලා ගැනුමට නොහැකිවූවද  අත්හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය ඇස්පනාපිට බිඳුනු හීනෙක  ලොවට රහසින් සැරිසැරීමය..//  හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය..    නෙලා ගැනුමට .. ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය..// පණ පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය නෙලා ගැනුමට නොහැකිවූවද  අත්හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය ගී පද: නාරද විජේසුරිය  සංගීතය: කපිල අපරැක්ක  ගායනය: සුනීර සුමංග  අසන්න ගයන්න 

යළි උදාවූ වසන්තේ - Yali Udawu Wasanathe - Edward Jayakodi

යළි උදාවූ වසන්තේ ලෙසින් එන්න ළංවී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන් එන්න ළංවී සදා ආදරෙන් විරහිනියක සේ හිත ඉල්ලූ දා ඔබ හට මතක නැතී සැමටම පිටුපා සිත දන් දුන් මා ඔබගේ හිතට මදී ජීවත් වෙනවා නම් මා වෙනුවෙන් එන්න ළංවී සදා ආදරෙන් යළි උදාවූ වසන්තේ ලෙසින් එන්න ළංවී සදා ආදරෙන් නන්නාඳුනනා කිසිවෙකු වෙනුවෙන් ඔබ සිත හඬණු නැතී ඔබ හද සොහොනේ මිහිදන් කළ මා දැන්නම් අගය නැතී ජීවත් වෙනවා නම් මා වෙනුවෙන් එන්න ළංවී සදා ආදරෙන් යළි උදාවූ වසන්තේ ලෙසින් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන් එන්න ළංවී සදා ආදරෙන් ගී පද:  ප්‍රියානන්ද විජේසුන්දර සංගීතය: සරත් ද අල්විස් ගායනය: එඩ්වඩ් ජයකොඩි

ඉරට අකීකරු - Irata Akeekaru - Indrani Perera

ඉරට අකීකරු හඳට අකීකරු  රෝස කැලේ රතු කැකුලී  හා හා හා  හා හා හා හ හා  එකමත් එක රටකින් ඔහු ඒවී  ඔබ ගෙන ඈතට යන්නට යාවී  කඳුලැලි ගඟ ළඟ ඉකිබිඳ නාඩන් කඳුලැලි ගඟ ළඟ ඉකිබිඳ නාඩන් රෝස කැලේ රතු කැකුලී  ඉරට අකීකරු ... දෙතොලේ පොපියන ගීය ගයන්නට  දෑසේ නලියන කඳුළු සලන්නට  ලස්සන දවසක් හෙට හමුවේවා  ලස්සන දවසක් හෙට හමුවේවා රෝස කැලේ රතු කැකුලී  ඉරට අකීකරු ... හා හා හා  හා හා හා හ හා  ම් ම් ම්  ම් ම් ම් ම් ම්  හා හා හා  හා හා හා හ හා  ගී පද: සුනිල් ආරියරත්න  සංගීතය: සරත් දසනායක  ගායනය: ඉන්ද්‍රානි පෙරේරා අසන්න ගයන්න