Posts

Showing posts from December, 2022

කිසිවක් නොකියන - Kisiwak Nokiyana - Sanath Nandasiri

කිසිවක් නොකියන කිසිවක් නොඅසන මුනිවත රකිනා ලඳුනි පබා  කල්පිතයක් මැද තනිවූ පමණින්  මුව ගොළු ලා ගෙන හිඳිනු එපා  කියා ගන්න බැරි දහසක් දේ ඇත ජීවිතයට  හිතා ගන්න බැරි දහසක් දේ ඇත ඔබ අප වට  ඉඳුනිල් ලෙලැසියේ  ඔබේ සිතත් මගේ සිතත්  දෙකම එකක් කල අපට රහස් නැත  මුව ගොළු ලා ගෙන හිඳිනු එපා කිසිවක් නොකියන ... තනිවූ මොහොතක කුණාටුවක් මැද සාගරයක  එක්වූ මොහොතක තරු වියනක් යට මල් යායක  එනමුදු කුමුදිනියේ ඔබේ සිතත් මගේ සිතත්  දෙකම එකක් කල අපට රහස් නැත  මුව ගොළු ලා ගෙන හිඳිනු එපා කිසිවක් නොකියන ... ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්  ගායනය: සනත් නන්දසිරි  සංගීතය: සනත් නන්දසිරි