Posts

Showing posts from October, 2022

සුරැකීමට හෝ - Surakimata Ho - J A Milton Perera

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ  එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ // මගේ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා  එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා // වැළපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ  එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ  එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ අඩකි පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ  පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ  // පිටුපෑමට ලංවීමට භවයේ වරින් වරේ  එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ  එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ අද හෝ හෙට කරුණාකොට වියළුණු දෙතොල් තෙමා  තොල ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා  ඔබගේ නෙත කඳුළැලි මත පාවෙන තරම් ප්‍රියේ  දරුණු නැත මගේ හදවත හොඳ සිහිය මත තියේ  සෙලවීමට නොහැකීවද බාධක සුළං සැරේ  එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ  එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ /// ගී පද: කරුණාරත්න අබේසේකර  සංගීතය: එම් කේ රොක්සාමි' ගායනය: ජේ ඒ මිල්ටන් පෙරේරා 

අගාධ සාගරයේ - agada sagaraye - J A Milton Perera

අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමි  අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමි  සීතල රල් ඔස්සේ පීනා ගිය වරල් සලා  සෝබන රුවැති මසුන් දැමු දැලට ඇතුල් කළා  අගාධ සාගරයේ ... මුළු ජීවිතේදී මාගේ නැත පරාදීන වූයේ // කිසිදාක නොමැත මෙලොවේ සෝක සුසුම් හෙලූවේ  අගාධ සාගරයේ ... සඳ වතට අඹර වාගේ  ඔබ හිතට ඔබී මාගේ  ආලෝක වන්න මේ ගේ  එලියද වෙන කාගේ  අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමි  අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමි  අගාධ සාගරයේ ... මගේ හද සයුරේ ගිලිලා පෙම් පිඬු අතරේ වැහිලා // ඇති රන් මාළුවේ බබළා නොයනු මිදිලා  අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමි  අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමි  සීතල රල් ඔස්සේ පීනා ගිය වරල් සලා  සෝබන රුවැති මසුන් දැමු දැලට ඇතුල් කළා  අගාධ සාගරයේ ... ගී පද: කරුණාරත්න අබේසේකර  සංගීතය: එම් කේ රොක්සාමි' ගායනය: ජේ ඒ මිල්ටන් පෙරේරා