Posts

Showing posts from November, 2021

මුතු මැණික් එපා - Muthu Manik Epa - JA Milton Perera / Shrimathi Thilakarathna

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළඳේ තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළඳේ බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් හිතේ ඉරු හා නෙළුම් ඇත බැඳී පිනි හා අරුණ සුව විඳී මතු දා දිළිඳු පැලකදී නැවතී ඉන්න සෙවණ දී සිත හා සිතන සිතිවිලි සරසා සදන සැණකෙළි දෙනෙතේ නැඟෙන කඳුළැලි පිසදා මවනු සැණකෙළි මුතු මැණික් එපා.... ඔබ මා ළඟ ම ගැවසිලා මවනා සතුට උතුරලා ගංගා විලස ගල ගලා යන්නා සයුර වෙත බලා සයුරේ වෙරළ අසල දී බැඳිලා මුවට මුහුණ දී මුසු වී ඉන්න හිත දිදී එනවා ළඟ ම දිනක දී මුතු මැණික් එපා.... ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය : මහින්ද තිලකරත්න ගායනය : මිල්ටන් පෙරේරා, ශ්‍රීමතී තිලකරත්න

කන්දේ රන් සඳ - Kande Ran Sanda - Wimal J Shriyarathna

කන්දේ රන් සඳ උන්නා හැංගී රන් තරු උන්නා රන්දෝ මං නුඹ හන්දා කන්දේ පාමුල උන්නා ..// සැලෙනා කහ මල් ඉත්තෙන් පෙණුනා නුඹෙ අත රන්වන් හඬනා බඹරුන් තැන් තැන් ඇසුණා නුඹෙ ගී ලන්දෙන් දු‍ටුවා මං නුඹ නින්දෙන් එනවා බැහැගෙන කන්දෙන් පිපුනා මදු මල් බැද්දෙන් හැඬුවා මොණරුන් සද්දෙන් කන්දේ රන් සඳ ... බැන්දෙ ගෙවැට කවුරුන් ඉන්නේ තනියට කවුරුන් ගන්නේ ආදර කවුරුන් දුන්නේ මට දුක කවුරුන් ....// හැංගී රන් සඳ යන්නා හැංගී රන් තරු යන්නා රන්දෝ මං නුඹ හන්දා ගම දා යන්නට යන්නා ..// ගී  පද: ලූෂන් බුලත්සිංහල ගායනය: විමල් ජේ ශ්‍රියාරත්න සංගීතය: ෂෙල්ටන් ප්‍රේමරත්න