අතීතයේ කළු වලාකුළින් - Atheethaye kalu - Nalini Ranasinghe
අතීතයේ කළු වලාකුළින්
හිරු වැසී තිබේ හිරු නැගී වරෙන්
අනාගතේ මල් පිපී වරෙන්
මල් පිපී වරෙන් මල් පිපී වරෙන් //.. //
සුදු වලා ගැබේ හිරු ඔපේ ඔපේ
අප නවෝදයේ මල් පිපේ පිපේ //
හැම දෙනා වගේ එක කුලේ කුලේ
ජය අනාගතේ මත ඇලී ඇලේ //
අතීතයේ කළු වලාකුළෙන්...
පෙනේ සුමුදු මුදු හිනා හිනා
ගෙනේ හෙටක් කිරි අනා අනා
ඔබේ උපන් දින තනා තනා
හෙටක් ලැබේ පැණි උනා උනා //
අතීතයේ කළු වලාකුළෙන්...
ගී පද: වල්ගම සෝමතිලක
සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: නාලිනී රණසිංහ
ස්තුතිය: ප්‍රභාත් රාජසුරිය
Comments
Post a Comment