බෑ බෑ ගෙදර යන්න බෑ - Ba Ba Gedara Yanna Ba - Lucien, Anula Bulathsinhala

 බෑ බෑ ගෙදර යන්න බෑ

ගෙදර යන්නෙ නෑ මං ගෙදර යන්නෙ නෑ
ගෙදර යන්නෙ නෑ මං ගෙදර යන්නෙ නෑ
පය ඔසවා ගන්න බෑ මගේ
සියොළඟින්ම බැඳ දමා තිබේ
පය ඔසවා ගන්න බෑ මගේ
සියොළඟින්ම බැඳ දමා තිබේ
සිර මැදිරිය හැරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ

ඉගිළ යන්න ඇයි බැරී
ඉගිළ යන්න ඇයි බැරී
ඉගිළ යන්න ඇයි බැරි මගෙ තාරාවෝ
ඉගිළ යන්න ඇයි බැරි මගෙ තාරාවෝ
කූඩුවේ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා
කූඩුවේ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා
විසල් ලොවට මග​ ඉඩ දෙන් නා
ඉතින් ඉගිළියන් තාරාවා
ඉතින් ඉගිළියන් තාරාවා
ඉතින් ඉගිළියන් තාරාවා

බෑ බෑ ගෙදර යන්න බෑ
මට ගෙදර යන්න බෑ
මං ගෙදර යන්නෙ නෑ
දිය පීනා එයි තාරාවා
ඉගිළී පල කළු තාරාවා
දිය පීනා එයි තාරාවා
ඉගිළී පල කළු තාරාවා

ගී පද: ලූෂන් බුලත්සිංහල 

සංගීතය: ගුණදාස කපුගේ  

ගායනය: ලූෂන් බුලත්සිංහල සහ අනුලා බුලත්සිංහල​

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera