අද පමණයි - Ada Pamanai - W D Amaradewa
අද පමණයි ඉතිරිව පවතින්නේ
හෙට වන විට අප නැත හමුවන්නේ
තොලින් තොලට වෑහෙන මී බින්දු
තොලින් තොලට පෑහෙන මී බින්දු
තොලින් තොලට යා වෙන අම ලන්දු
මලින් මලට පා වෙන බඹරින්දු
පිපෙන පිපෙන මල් කැකුළට කොඳුරා
බඹරා පවසන රහස මෙයයි
ඔබ තොල් පෙති මට මී විත වේ නම්
මම ඔබේ සංගීතය වෙන්නම්
නොපැමිණි දුක් එන මග මල් රඳවා //
සපැමිණි දුක් හැම දුරු කරවා //
ජීවිත සැපතට දොර අරවා - මී
විත ගෙන එන් මුවවිට පුරවා
තොලින් තොලට වෑහෙන......
පද - මහගම සේකර
සංගීතය - ලයනල් අල්ගම
ගායනය - පණ්ඩිත් අමරදේව
චිත්‍රපටය - පරසතු මල් (1967)
Comments
Post a Comment