හිම වලා පෙලින් - Hima Wala Pelin - Priyan Pathirana
හිම වලා පෙලින් වැසිලා ගියා සේ
හිරු සැඟවී අඳුරේ
ඔබ නැති මගේ ලොව වේදනාව දුක
අද මා ළඟ වැතිරේ ..//
හිම වලා පෙලින් වැසිලා ගියා සේ
බොඳවුණු කඳුලින් පෙර අප සිතුවම්
බැඳී රැඳී හද පාරන්නේ
සිත දිරියක් නැත
ගත සවියක් නැත
කෙලෙසද මේ දුක වාවන්නේ
හිම වලා පෙලින් වැසිලා...
හිම වලා පෙලින් වැසිලා ගියා සේ
නොයදිමි ඔබගෙන් සෙනෙහස පෙරමෙන්
දහස් වරෙක මට එලෙස සිතේ
එහෙත් ඔබෙන් තොර
වෙනත් ලොවක මට
සැනසී ඉන්නට වරම් නැතේ
හිම වලා පෙලින් වැසිලා...//
හිම වලා පෙලින් වැසිලා ගියා සේ
පද -
සංගීතය -
ගායනය - ප්‍රියාන් පතිරණ
Comments
Post a Comment