කඳුරැල්ලෙන් එහා ගමට - Kadurellen eha - Abeywardena Balasuriya
කඳුරැල්ලෙන් එහා ගමට
ඔබ කැඳවා ගිය මාවත
කඳුළැල්ලෙන් වැසී ගියා
කඳුළැල්ලෙන් වැසී ගියා
එහා ගමේ රත්තරනින්
මංගල මධු සඳ පායා ..//
මගෙ කුටියේ තනි යහනේ
ඒ මධු සඳ දැවී ගියා
කඳුරැල්ලෙන් එහා...
කඳුරැල්ලෙන් එහා ලොවට
සිතක සුසුම් පාවෙනවා ..//
එතැන සුවඳ මෙහි එනවා
මෙතැන සුවඳ එහි යනවා
කඳුරැල්ලෙන් එහා...
ගී පද: දයා ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: අබේවර්ධන බාලසූරිය
Comments
Post a Comment