කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka
කැන්දා ඔබ එහා ගමට ගෙන ගිය දා සිට
මන්දා මගෙ සිත පාළුයි බහක් නුදුන්නට
බැද්ද කොණේ පිපුණු මලක සුවඳ නුරාවට
නැද්ද ළඳේ සිත බැඳුණේ සිටිය තුරාවට ..//
කුණ්ඩ සමන් මල් පිපෙද්දි ගේ උඩ ලන්දේ
නින්ද නැතිව නිදි යහනේ සෙනෙහස බැඳුණේ
මන්ද මගේ හිත ගොලුවී මේ දුක වින්දේ
වින්ද හිතක් මෙයින් පසුව කොතැනක රැන්දේ
කැන්දා ඔබ එහා ගමට...
මාල කැලුම් පෙති ගෝමර ගෙල නොපෙනෙන්නේ
කෝල බැලුම් ඉඟි නෙත කවදද හමුවන්නේ
නීල වරල කුඹුකේ ලිඳට නැත පැමිණෙන්නේ
මාල ගිරවුනේ නැතිවද ඒ ටික දන්නේ
කැන්දා ඔබ එහා ගමට...
ගී පද: ගුණසේන කඩිගමුව
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: වික්ටර් රත්නායක
Comments
Post a Comment