මේ කුළු සළුවේ - Me kulu saluwe - Priya Sooriyasena
මේ කුළු සළුවේ තරුවැල් පටලා
සඳවත හිනැහෙනවා
සඳවත හඬවා සඳවත සඟවා
වැහි කළුවක් එනවා
වැහි කළුවක් එනවා
මුව ගොළු වී ඇත නෙත ගොළු වී නැත
සිත කැළඹී නැත ලොව කැළඹී ඇත
වැසි ගිලිහී ඇත ගඟ ඉතිරී නැත
ලොව වටහා ගත නොහැක අපේ
මේ කුළු සළුවෙ..
සඳ පායා ඇත තරු සැඟවී නැත
මල් පර වී ඇත බඹරු හඬා නැත
ඔබ කැළඹී ඇත මා නොසැලී ඇත
ඔබ වටහා ගත නොහැක ළඳේ
මේ කුළු සළුවෙ..
ගී පද: කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය: සරත් බාලසුරිය
ගායනය: ප්‍රියා සුරියසේන
Comments
Post a Comment