ඔබ ගෙදර එන්න - oba gedara enna - Neela Wickremasingha

ඔබ ගෙදර එන්න 

පහන් තරුව පායන විට වත් 

ඔබ ගෙදර එන්න 

කම් නැත මගේ කුමරුවනේ 

දෑස බොඳ වෙලා තිබුනට 

මුව තැවරුණ දුම සුවඳයි 

නිදිබර සුසුමෙන් සුසුමට 

ආගිය තැන නාසන්නම් 

සංකා නොම ගන්න 


කම්පා නැත ලිය වත්සුණු 

ඔබේ වත තැවරී තිබුනට 

නාදුනනා කෙහෙ රැහැනක් 

සළුපිලි අතරේ රැඳුනට 

මට නිදි මත නැත කුමරුනි 

ඔබට බත බෙදන්න 


තොන්තුවා වෙන්න එපා 

ගතම මැලවිලා තිබුනට 

උණු දිය සනහා පිසදා 

හිස පිරමී නිදියන විට 

තවුසෙකු සේ සැතපෙනු දැක 

මට හැක හිනැහෙන්න 


ගී පද: රන්බණ්ඩා සෙනෙවිරත්න 

සංගීතය: ප්‍රේමසිරි කේමදාස 

ගායනය: නීලා වික්‍රමසිංහ 


Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera