පෙම් පවන් විහිදේ - Pem Pawan vihide - Victor Rathnayaka
පෙම් පවන් විහිදේ
පෙම් හැඟුම් පීදේ
ඔබ මා හා ආ සේ
රැලි වෙරළේ වෙළේ
මල් ළඳුන් සොයා වෙහෙසිලා
රන් බිඟුන් නැතේ දුක් වෙලා ..//
නෙත කඳුළේ නොලා
මුව හසරැල් සලා
ඔබ නින්දෙන් වෙළා
හිඳිමූ ළංවෙලා
පෙම් පවන් විහිදේ...
සිහිනයෙන් පැතූ ජීවිතේ
ආදරේ සැබෑ වී ඇතේ ..//
මුදු තෙපුලේ සරේ
රස සවනේ පිරේ
දිවි රන් මාලිගේ
දුක් අඳුරෙන් මිදේ
පෙම් පවන් විහිදේ...
ගී පද: කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය: ආර්. ඒ. චන්ද්‍රසේන
ගායනය: වික්ටර් රත්නායක
Comments
Post a Comment