වහා ඉගිලී එන්න - Waha igilee enna - Malini Bulathsinhala

වහා ඉගිලී එන්න මා වෙත 
පරෙවියෝ සුදු පරෙවියෝ 
මුදා සවනත පලා එමි මම 
තැවුණු හදැතිව පරෙවියෝ ..//

සිනා පුදසුන කඳුළු පිදුණා 
මා පැතූ මගේ ලෝකයෙන් 
දුන් දයාවට ලැබිණි පිළිතුරු 
ක්‍රෝධයෙන් හා ද්වේශයෙන් 
නිවී ගිය නෙතු වරදවා ගෙන
මත්ව බැලුවෝ සරාගෙන් 
ඉනු සිහිලස ඇවිලුනා නෙත 
බිම දවාලෙවූ ගිනි දැලෙන් 

වහා ඉගිලී එන්න මා වෙත ..

නෙතක් නෑ සිහිලසක් දෙන්නට 
මනු කැලේ හදැතියන්නේ 
සෙනේහය නෑ ලැගුම් ගන්නට 
ලැගුම් පලවා පෙළන්නේ 
විළඳ අතුරා දුටිමි එතෙනට 
ගිජු ලිහිණියන් එබෙන්නේ 
සුදු පරෙයියනි මිනිස්කම් ඇති 
හදක් කොහි වේද කියන්නේ 

ගී පද: දයා ද අල්විස් 
සංගීතය: රෝහණ වීරසිංහ 
ගායනය: මාලිනි බුලත්සිංහල 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera