වසන්ත සුළඟින් නෑවීලා - Wasantha Sulangin Neweela - Deepika Priyadharshani

වසන්ත සුළඟින් නෑවීලා නව මල් පීදේ

අහස් වියන් පට ඉරා ගලා

තරු එළි නිමක් නැතේ ..//

විහඟ බඳට න් අත්තටු පළඳන ජීවිතේ

කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ


හබල් පහර වැදුණාවේ ....

සයුර ඇවිත් හැපුණාවේ ....

හබල් පහර වැදුණාවේ ගඟුළට රිදුම් නැතේ

සයුර ඇවිත් හැපුණාවේ වෙරළත් සිනාසෙතේ

විහඟ බඳට න් අත්තටු පළඳන ජීවිතේ

කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ


වසන්තයක් එන පාරේ ....

ඔබේ සෙවණ ලද යාමේ ....

වසන්තයක් එන පාරේ සුසුමට ඉඩක් නැතේ

ඔබේ සෙවණ ලද යාමේ ලොව දෙව්ලොවක් වෙතේ

විහඟ බඳට න් අත්තටු පළඳන ජීවිතේ

කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ


වසන්ත සුළඟින් නෑවීලා නව මල් පීදේවී

අහස් වියන් පට ඉරා ගලා

තරු එළි නිමක් නැතේ ..//


විහඟ බඳට න් අත්තටු පළඳන ජීවිතේ

කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ ..//

වසන්ත සුළඟින් නෑවීලා


ගී පද - බන්දුල නානායක්කාරවසම්

සංගීතය - කරුණාරත්න විජේවර්ධන

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්


Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera