යොවුන් මල් වසන්තේ - Yowun mal wasanthe - H R Jothipala

යොවුන් මල් වසන්තේ 

සිනාසෙයි දසන්තේ 

පැතුම් ලොවේ බිඟු සේනාවන් 

අවටින් පියඹන්නා 

යොවුන් මල් වසන්තේ


හදේ රන් විමානේ 

නැගේ පෙම් උදානේ 

අලංකාර දිවි මල් උයනේ 

පිපි කුසුමන් පෙති සැලුණේ ..//


යොවුන් මල් ..


සැබෑ මිත්‍ර ප්‍රේමේ 

උදා වේවී සාමේ 

මගේ පාලු සිත දැන් පිරිලා 

මිතු දහමේ රඟ දැනිලා ..//


යොවුන් මල් ..


නෙතේ රුව ඇඳී යයි 

සවන් යුග පිනා යයි 

හිසේ නොපිපි මල් අද පිපිලා 

ඇත සතුටින් හිත පිරිලා ..//


යොවුන් මල් ..//


ගී පද: කරුණාරත්න අබේසේකර 

සංගීතය: පී එල් ඒ සෝමපාල 

ගායනය: එච් ආර් ජෝතිපාල 

චිත්‍රපටය: සිතක සුවඳ (1978)

විශේෂ: එකවර දෙදෙනෙකු සඳහා පසුබිම් ගායනය ( ටෝනි රණසිංහ / තිස්ස විජේසුරේන්ද්‍ර)

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera