මතක ලන්තෑරුම් අඳුර - Mathaka Lantharum andura - Divulgane, Abhisheka

 

    


මතක ලන්තෑරුම් අඳුර මැද 
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා

මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා

පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා

තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ / අභිෂේකා විමලවීර 
ගී පද: අභිෂේකා විමලවීර 
සංගීතය :තරිඳු ප්‍රියංකර ද සිල්වා 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera