දිනපතා අප හමුවෙලා - Dinapatha apa hamuwela - Felix Anton
දිනපතා අප හමුවෙලා
කළ කතා අමතක වෙලා
ඔබ හිතේ සැක ඉපදිලා
තනිවෙලා මා තනිවෙලා
තනිවෙලා මා තනිවෙලා...
සැඳෑවක වෙරළට වෙලා
තරුණියක හා ළංවෙලා
මා සිටිය බව පවසලා
යෙහෙළියන් ඔබ රවටලා
විහිළුවෙන් ඇස් රතුවෙලා
තනිවෙලා මා තනිවෙලා...
සිහිනෙකින් ඒ වගේ
වෙනස් වී නැත සිත මගේ
සුර ළඳුන් සිටිය ද ළඳේ
ඔබ වගේ මට නැත අගේ
විහිළුවෙන් ඇස් රතුවුණා
තනිවුණා මා තනිවුණා
තනි වුණා මා තනි වුණා
ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය : මිල්ටන් පීරිස්
ගායනය : ෆීලික්ස් ඇන්ටන්
Comments
Post a Comment