ගාන තෙල් සඳුන් - Gana thel sandun - Saman Jinadasa


ගාන තෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩරුව
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
අහිංසකාවී.....අහිංසකාවී....
කෝල මුතු සිනා දෙතොලග
ඉසුනු රන් ළමැද ගෝමර
නුඹම නොවෙද සිත රජවුනු මහේසිකාවී
මහේසිකාවී....මහේසිකාවී....
සඳ හිනැහී එන යාමෙක
සුදු සඳරැස් විලට බහින
සුනිල පියුම් පෙති නෙලමින
මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුනු මහේසිකාවී
වසන්තයේ හිරු හිනැහෙන
දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන
කාන්තියේ නෙත් දිදුලන
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුනු මහේසිකාවී
ගී පද : යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය : නවරත්න ගමගේ
ගායනය : සමන් ජිනදාස

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera