වලා අතුල සිරි යහනේ - Walaa Athula - Amarasiri Peiris

 

වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්රචාප කුමාරයා නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන් නැළවෙන
ලතා මඩුල්ලේ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා

නොදරුවකු අතින් බොඳ වුණ
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත රටා වියනවා

කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා

හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා

ගී පද: සුනිල් රත්නායක
ගායනය: අමරසිරි පීරිස්
සංගීතය: ප්රේමසිරි කේමදාස

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera