රා රා රා බොම්බියේ - Ra Ra Ra Bombiye - Sunil Edirisinghe
රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ //
ජපං මැන්ඩලින් නද කර //
අවුරුදු එයි හන්දියේ
උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ
රා රා රා බොම්බියේ
ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ
කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ
රා රා රා බොම්බියේ
ගී පද : සුනිල් සරත් පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment