සඳ කුමාරි - Sanda Kumari - Chandana Liyanaarachchi

 

සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි

මං කවුලුව හැර තබාවි
ඇය සේල පලස එළාවි
පිණි බිංඳු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි

කළු වලාකුළක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි
මට හොඳටම දුක හිතේවි
රැය එළිවෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි ...

ගී පද : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා
ගායනය : චන්දන ලියනාරච්චි

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera