අපි කවුරුද - Api kawuruda - Senaka Batagoda
සී සී කඩ විසිරුනු සිතිවිලි දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ.. නැතිවේ හුදකලාවෙ තනිවී සිටියම සිහින ආකරේක වැටුනා වාගේ.. නිමක් නෑ මෙහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ හොයනවා හොයනවා මේ... අපි කවුරුද ගීයකි ලොව... සිතුවම් කල... අතරේ අහනවා බලනවා මේ.. අපි කවුරුද ඉර බැසයන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ... ඕඕ...ඕ ගලා හැලෙන රිද්මේ නැහැවි ඇදී යන්නෙ ඈතින් ඈතට පා..වි... සුලග සේ මෙහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙනවා කාටත් එක විදිහට... ගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ හොයනවා හොයනවා මේ... අපි කවුරුද ගීයකි ලොව... සිතුවම් කල... අතරේ අහනවා බලනවා මේ... අපි කවුරුද ගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ.. හොයනවා හොයනවා මේ... අපි කවුරුද ගීයකි ලොව... සිතුවම් කල... අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
ගී පද, සංගීතය, ගායනය: සේනක බටගොඩ
Comments
Post a Comment