පාවේදෝ - Pawedo - Lakshman Wijesekara, Nirmala Ranthunga
පාවේදෝ බිඳී ඈත ප්රේම ප්රාර්ථනා
නෑසේදෝ සිතේ නැගෙන ප්රේම වේදනා
සිහිනයකි සුවද ඔබේ මාරූතයේ සැගව ගියේ
පාවේදෝ බිඳී ඈත ප්රේම ප්රාර්ථනා
සිහිලැල් සුවේ සදා
මහදේ වෙලි එදා
කදුලැල් නෙතේ පුරා
රහසේ ගියා මෙදා
සවනේ රැදේ සදා එදා මාහා කී කතා
පාවේදෝ බිඳී ඈත ප්රේම ප්රාර්ථනා
සිහිනයකි සුවද ඔබේ මාරූතයේ සැගව ගියේ
සුවදැල් සිහිල් නිවා
දෙහදේ සුසුම් මවා
ලතැවුල් ගිමන් සදා
සසරේ දුරස් වුනා
සවනේ රැදේ සදා එදා මා හා කී කතා
පාවේදෝ බිඳී ඈත ප්රේම ප්රාර්ථනා
සිහිනයකි සුවද ඔබේ මාරූතයේ සැගව ගියේ
ගී පද : කැමිලස් පෙරේරා
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: නිර්මලා රණතුංග, ලක්ෂ්මන් විජේසේකර
Comments
Post a Comment