දෙදෙනා පෙරදා - Dedena Perada - Mervin Perera

 

දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා

දිගු කාලයක් ගෙවී ගියේ
එක මොහොතක් ලෙසින්නේ ළඳේ
ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස
ආයෙත් ගෙනල්ලා තියේ
අද මේ කියූ දේ ඊයේ වුණා නම්
අද ඊයේ වේවී ළඳේ

දෙදෙනා පෙරදා...

ඔබ ආදරෙන් සිනාසුනත්
අද අලුතින් උපන් මේ ලොවේ
විස ගෑවුනත් මධු පානයක් ලෙස
ඈ මා ළඟින් මිහිරියේ
අසනු සමා වී ආයේ පමාවී
කිසිදාක නොඑනූ ළඳේ

දෙදෙනා පෙරදා...

ගී පද: කේ ඩී කේ ධර්මවර්ධන 
සංගීතය, ගායනය: මර්වින් පෙරේරා 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera