කන්දෙන් ලන්දෙන් - Kanden Landen - W D Amaradewa

 

කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ
මා දං බෝවිටියා රස දන්නේ
නින්දේ දුටු සිහිනය එලි වන්නේ
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ

පුරා උදුල ඇගෙ වත සොමි පුල්ලා
සරා සදක් වේ සිත බැදි ලොල්ලා
නුරා බසක් වී හද එලි දල්ලා
පුරා බඳුන් මී සතුට ගෙනැල්ලා

කන්දෙන් ලන්දෙන්

නවම් මහේ මගෙ පැලට වඩින්නේ
උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ
දෑත සුරල් දී රබන් වයන්නේ
ගීත සවන් මී බඳුන් පිරෙන්නේ

කන්දෙන් ලන්දෙන්

ගී පද: සුනිල් සරත් පෙරේරා
සංගීතය, ගායනය: පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera