ඔබ නැතුව - Oba Nathuwa - Victor Rathnayake

 

ඔබ නැතුව ඉන්න බැරි තරමට 
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට 
ඔබ නොදැක ඉන්න බැරි තරමට 
නෙත ඔබව සොයනවා දවසෙම //

මේ සීතල හිම ගිරි අරණේ 
මට හමුවූ වන පස කුසුමේ  //
පෙති මත සතපා 
රැගෙන යන්න මා 
කුසුම් නිම්නයේ මාලතියේ  

ඔබ නැතුව

මේ ජීවන අව පස අහසේ 
ඔබ පුර පස සඳ වී පිපුනේ  //
ඔබේ රැසින් මා 
දවාලන්න රෑ 
ලය මත සනහා රාජිනියේ

ඔබ නැතුව

ගී පද: සුජීව ප්‍රසන්න ආරච්චි 
සංගීතය, ගායනය: වික්ටර් රත්නායක 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera