පෙර මඟ - Pera maga - Milton Mallawaarachchi

 

පෙර මඟ කඳු හෙල් ඇතත් ළඳේ
හද තුළ බියක් නැතේ
මතුවන සමනළ පැතුම් හදේ
නියතයි මුදුන් වෙතේ //

මෙර නත දරණ වැලේ පටලා
සිඳුමතනය කළ දා //

ලද සිරිදුව ඔබවදෝ කියා
විමසයි හිත හැමදා //
පෙර මඟ ....

පැල්පත සහනය ගෙනා ඔබේ
රජ දහන වේ මගේ //

හදවත කැළලක් නොවූ ඔබේ
රජ වාසලයි මගේ //
පෙර මඟ ...


ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක 
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි


Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera