පිය සටහන් - Piya Satahan - Gunadasa Kapuge
පිය සටහන්
මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය නගමින්
ඔබ එනු දුටුවෙමි මා ළුහු බඳිමින්
පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය නගමින්
ඔබ එනු දුටුවෙමි මා ළුහු බඳිමින්
පිය සටහන් මැකී නොමැත තව
ගිරි ශිකර මුදුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී, මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොළේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී, මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොළේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව
රළු බොරළු ගමන් මඟ
වැලි තලා වැනිය අද
හැරී බලමි මම ඔබේ ඇසින්, ඔබ නොදුටු ඇසින්
නොඒද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව
වැලි තලා වැනිය අද
හැරී බලමි මම ඔබේ ඇසින්, ඔබ නොදුටු ඇසින්
නොඒද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව
ගී පද: සුනිල් ආර්. ගමගේ
සංගීතය, ගායනය: ගුණදාස කපුගේ
සංගීතය, ගායනය: ගුණදාස කපුගේ
Comments
Post a Comment