විකසිත පෙම් - Wikasitha Pem - Pandith W D Amaradewa

 

විකසිත පෙම් පොකුරු පියුම් 
ඔබේ පයට පොඩි වී ගියාදෙන් 
පති කුලයට අද මට පිටු පා යන 
මගේ සොඳුරු ළඳුනේ 
මගේ සොඳුරු ළඳුනේ 

විකසිත පෙම්

සිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ 
ඉහ ඉද්දර හිඳ ඉකිබිඳිනා සඳ   
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ 
ඔබට විරහ ගිනි නොගෙනේවා 
ඔබට විරහ ගිනි නොගෙනේවා

විකසිත පෙම් 

තනිකම රජ යන පාලු විමානේ 
ගොම්මන් කරුවර හඬා  වැටෙද්දී 
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ 
මැණික් පහන් වැට දැල්වේවා 
මැණික් පහන් වැට දැල්වේවා 

විකසිත පෙම් 

ගී පද: අජන්තා රණසිංහ 
සංගීතය: ප්‍රේමසිරි කේමදාස 
ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera