මෝහෙන් මුලා වෙලා - Mohen mula wela - Victor Rathnayaka

මෝහෙන් මුලා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

කේළම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී

රත්තරන් කෙණ්ඩියේ ...

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ

රත්තරන් කෙණ්ඩියේ ...

ගී පද: සිරිල් ඒ සීලවිමල
ගායනය: වික්ටර් රත්නායක 
සංගීතය: ආර්.ඒ. චන්ද්‍රසේන 
ආර් ඒ සී තැටිය - 1969
තුන්වන ගීතය: රත්තරන් කෙණ්ඩියේ 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera