ඉන්දීවරී ඔබ හා - Indeewari Oba Ha - Anton Senanayaka
ඉන්දීවරී ඔබ හා
හිනැහෙමි මුව පුරහා
මියුලැසියේ මා හා
කිව මැන කිම තරහා
වියලි විසල් හද මන්දිර මිදුලේ
රෝස මලක් සේ ආදරෙන්
කටු අතුරා ඔබ වට කරලා
මා එන මඟ අහුරා
කඳුළු පොදක් නැති මා නෙත් සඟලට
කඳුළු හෙලන්නට රාත්‍රියේ
ඔබ ඉඳුරා නෙත් යුග වටලා
කිමදෝ ලතැවෙන්නේ
ඉන්දීවරී ...
ගී පද: කුලරත්න ආරියවංශ
ගායනය: ඇන්ටන් සේනානායක
සංගීතය: ප්‍රියා සූරියසේන
Comments
Post a Comment