මේ වේදනා - Me Wedana - lyrics - T M Jayarathna / Nanda Pathirana
මේ වේදනා මේ චේතනා විඳිනා
ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා
ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා
ඒ පාළු යාමේ ආදරේ හඳුනා
සිත සැලුණා
සීත සෝ සුසුම් පාවී පාවී යයි
හදවත අරණේ
දෑස පාළුවෙන් වේදනා නඟයි
ඔබ නැති යහනේ
ඒ පාළු යාමේ ආදරේ හඳුනා
සිත සැලුණා
ඈත ඒ නුවන් තාරකා පිපෙයි
සිතුවිළි උයනේ
වේදනා ලොවින් රෑ පහන් කරයි
ඔබ නැති සිහිනේ
ඒ පාළු යාමේ ආදරේ හඳුනා
සිත සැලුණා
මේ වේදනා ..
ගී පද: අජන්තා රණසිංහ
ගායනය: ටී එම් ජයරත්න / නන්දා පතිරණ
සංගීතය: ස්ටැන්ලි පීරිස්
Comments
Post a Comment