සඳ රෑ සිහිනයේ - Sanda Re Sihinaye - Gunadasa Kapuge
සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ
කඳූළැල් පියන් වසනා වෙලේ
අඬනා යුග නෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ළංවී හද පිදූ
සරසා ආදරෙන්
තනිවී ඒ රැයේ
සඳ රෑ සිහිනයේ ...
දහවල් පැයේ යනෙනා මඟේ
දකිනා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳි අතින්
සැඟවී වෙන්වෙලා
තනිවී ඒ රැයේ
දකිනා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳි අතින්
සැඟවී වෙන්වෙලා
තනිවී ඒ රැයේ
සඳ රෑ සිහිනයේ ...
ගී පද: ප්‍රියානන්ද විජේසුන්දර
ගායනය: ගුණදාස කපුගේ
සංගීතය: සේන වීරසේකර
Comments
Post a Comment