කඳුළු අතරට - Kandulu Atharata - Milton Perera

කඳුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවණක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී //

සුවඳ සුදු මල් හිනා වෙද්දී
කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි
හදවතේ බැතිබර සෙනේ
සැඳෑවක ඔබ සඳැල්ලට වී
තනි ව ලතැවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම්
සඟවලා රන් වලාවේ

බුදුන් පාමුල වැඳ වැටෙද්දී
බැතින් බර වී සැනහිලා
පිදූ මල් මැද සුවඳ දුම් මැද
පැතුම් පුරවමි හිනැහිලා
යහනකට වී අඳුර ඉවසා
රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි
කවුළුවෙන් කුටියට ඔබේ

කඳුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවණක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී
ආදරේ කවියක් වෙමී

ගී පද: දයා ද අල්විස් (මුල්ම ගී පද රචනය)
සංගීතය, ගායනය: මිල්ටන් පෙරේරා 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera