කාන්තාර හද - Kanthara hada - Abeywardana Balasuriya
කාන්තාර හද මඬලට
පිණිදිය බිඳු පොකුරු පිපේවා
අන්ධකාර වලාකුලේ
රිදී තාරකා හිනැහේවා
කාන්තාර හද මඬලට
පිණිදිය බිඳු පොකුරු පිපේවා
නුවන් විලේ කඳුළ ඔබයි
නුවන් විල මමයි
පහන් සිලේ එළිය ඔබයි
පහන් සිල මමයි
නෙළුම් මලේ පැහැය ඔබයි
නෙළුම් මල මමයි
නෙළුම් මල මමයි
කාන්තාර හද මඬලට..
ඔබේ නයන තාරකාව
ආකාසේ දිලෙන්නීය
කවුළු දොරින් රෑ මැදියම
මා යහනට ඇදෙන්නීය
පිණි කඳුලින් නළල් තලේ
දා බිඳු පිසදා
දා බිඳු පිසදා
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: අබේවර්ධන බාලසූරිය
තනුව: ප්‍රියා සූරියසේන
සංගීතය: සේන වීරසේකර
Comments
Post a Comment