කන්දේ රන් සඳ - Kande Ran Sanda - Wimal J Shriyarathna

කන්දේ රන් සඳ උන්නා
හැංගී රන් තරු උන්නා
රන්දෝ මං නුඹ හන්දා
කන්දේ පාමුල උන්නා ..//

සැලෙනා කහ මල් ඉත්තෙන්
පෙණුනා නුඹෙ අත රන්වන්
හඬනා බඹරුන් තැන් තැන්
ඇසුණා නුඹෙ ගී ලන්දෙන්

දු‍ටුවා මං නුඹ නින්දෙන්
එනවා බැහැගෙන කන්දෙන්
පිපුනා මදු මල් බැද්දෙන්
හැඬුවා මොණරුන් සද්දෙන්

කන්දේ රන් සඳ ...

බැන්දෙ ගෙවැට කවුරුන්
ඉන්නේ තනියට කවුරුන්
ගන්නේ ආදර කවුරුන්
දුන්නේ මට දුක කවුරුන් ....//

හැංගී රන් සඳ යන්නා
හැංගී රන් තරු යන්නා
රන්දෝ මං නුඹ හන්දා
ගම දා යන්නට යන්නා ..//


ගී  පද: ලූෂන් බුලත්සිංහල
ගායනය: විමල් ජේ ශ්‍රියාරත්න
සංගීතය: ෂෙල්ටන් ප්‍රේමරත්න

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera