මුතු මැණික් එපා - Muthu Manik Epa - JA Milton Perera / Shrimathi Thilakarathna

මුතු මැණික් එපා දියමන්ති එපා
ඔබ මා ළඟ ඇතොත් ළඳේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා
ඔබ මා ළඟ නැතොත් ළඳේ

බොරු කියන්නෙපා බොරු කියන්නෙපා
උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ
විශ්වාසය ඇතොත් හිතේ

ඉරු හා නෙළුම් ඇත බැඳී
පිනි හා අරුණ සුව විඳී
මතු දා දිළිඳු පැලකදී
නැවතී ඉන්න සෙවණ දී

සිත හා සිතන සිතිවිලි
සරසා සදන සැණකෙළි
දෙනෙතේ නැඟෙන කඳුළැලි
පිසදා මවනු සැණකෙළි

මුතු මැණික් එපා....

ඔබ මා ළඟ ම ගැවසිලා
මවනා සතුට උතුරලා
ගංගා විලස ගල ගලා
යන්නා සයුර වෙත බලා

සයුරේ වෙරළ අසල දී
බැඳිලා මුවට මුහුණ දී
මුසු වී ඉන්න හිත දිදී
එනවා ළඟ ම දිනක දී

මුතු මැණික් එපා....

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : මහින්ද තිලකරත්න
ගායනය : මිල්ටන් පෙරේරා, ශ්‍රීමතී තිලකරත්න

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera